මෙවර ඉදිරිපත් කලේ රට ගොඩනගන අයවැයයි...

 


මෙවර ඉදිරිපත් කර ඇත්තේ බිඳවැටුණු රාජ්‍යය ගොඩනඟන අයවැයක් යයි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

“ජනපතිවරයා මුදල් ඇමැති ලෙස මෙවර ඉදිරිපත් කළේ ඉදිරි වර්ෂය සඳහා මූල්‍ය ලියැවිල්ලකින් එහා ගිය අපේ රට සම්බන්ධයෙන් වන ආර්ථික, දේශපාලන ලියැවිල්ලක්. 

බිඳවැටුණු රාජ්‍යයක් ගොඩනැඟීමේදී කවර ආකාරයෙන් කටයුතු කළ යුතුද යන්න පිළිබඳ පැහැදිලි මඟපෙන්වීමක් මේ අයවැය මඟින් ලබා දී තිබෙනවා. 

එය අනාගතය ඉලක්ක කරගෙන සැලසුම් සහගතව ඉදිරිපත් කළ මූල්‍ය ලේඛනයක්. ආයෝජන කැඳවාගැනීමට අපනයන, සංචාරක ව්‍යාපාර වර්ධනය කරගැනීම සහ මූල්‍ය කළමනාකරණය කෙරෙහි කොතරම් අවධානයක් යොමු කර තිබෙනවාදැයි මෙවර අයවැයෙන් දක්නට ලැබෙනවා. පසුගිය වසර තුළ රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවා අප ආදායම් එකතු කරගෙන තිබෙනවා. 

දළ ජාතික නිෂ්පාදනය 13%ක රාජ්‍ය වියදම් තබා තිබෙනවා. ඒ අවශ්‍ය කරන නිර්ණායක තුළ ඉඳගෙනයි අප කටයුතු කර තිබෙන්නේ. 

සෞඛ්‍යය වෙනුවෙන රුපියල් බිලියන 654ක විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. සමස්තයක් ලෙස ආරක්ෂක වියදම් අබිබවා සෞඛ්‍ය වියදම් වැඩි වී තිබෙනවා. මෙලෙස බැලුවොත් අප ආදායම් එකතු කරනවා, වැඩි කරනවා සේම එලෙස එකතු වන ආදායම් ජනතාවට ප්‍රතිලාභ සලසන්න යොදවා තිබෙනවා. 

මෙය සන්දර්ශනකාරි අයවැයක් නොවෙයි. විපක්ෂය පවා අපේක්ෂා නොකළ මට්ටමේ අයවැයක්. රාජ්‍යයේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැඟුවාට පසු එයින් එහාට මේ රාජ්‍ය ගොඩනැඟීමේදී ඉදිරිපත් කළ ඉතා හොඳ අයවැයක්.”
Previous Post Next Post