චාමික දරුවා බාර නොගෙන මගහරිනවා.. තරුණියක් බිළිදෙක් සමග උසාවි යයි..

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන චාමික කරුණාරත්න සම්බන්ධයෙන් කාන්තාවක් අධිකරණයේ නඩු පවරා තිබේ.

ඒ ඔහුට දාව තමන්ට උපන් දරුවාගේ වගකීම් පැහැර හරින බව සඳහන් කරමිනි.

ඇය සඳහන් කරන්නේ දරුවාගේ පීතෘත්විය ලබාදීම පවා චාමික කරුණාරත්න විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බවය.

එනිසා ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ දරුවාගේ පීතෘත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන ලෙසයි.

පිරිමියෙක් ලෙස දරුවාගේ වගකීම ඉටුකරන බාරගෙන එය ඉටුකරන්නැයි තමන් ඉල්ලා සිටින බවද අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය පැවසුවාය.

"චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා. එයා එයාගේ වගකීම් පැහැර හැරපු නිසයි දැන් මම උසාවියට ඇවිල්ලා පිතෘත්වය තහවුරු කරන ටෙස්ට් එකක් ඉල්ලලා නඩුවක් දලා තියෙන්නෙ. එයා අද ආවේත් නැ නඩුවට සනීප නෑ කියලා. එයා ඉදිරියටත් අධිකරණයට පෙණී සිටියි කියන එකත් මට සුවර් නැ. 

මම ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දිත් ඔයවගේම මාව රස්තියාදු කලා ළමා හා කාන්තා කාර්යාංශයේදී. දැන් බබාට මාස 2යි. මේ බබා ලංකාවේ ජීවත් වෙන්න ඕනේ. එයා කියනවා එයාගේ නම දෙන්න බෑ කියලා. එයා තාත්තා කියන එක මම දන්න නිසයි DNA ටෙස්ට් එකකට නඩුවක් දලා තියෙන්නෙ. මම එයා–ගෙන් බලාපොරොත්තු වෙන්නෙ පුරුශයෙක් වශයෙන් එයාගේ වගකීම ඉටු කරන්න කියලයි"


Previous Post Next Post