චීන රජයේ අනුග්‍රහය යටතේ හම්බන්තොට වරාය සීමාව තුළ ඉදි කිරීමට නියමිත තෙල් පිරිපහදු ව්‍යාපෘතිය, මේ වන විට දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ උභතෝකෝටිකයක් බවට පත්ව ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී මෙම පිරිපහදුව ආරම්භ කිරීම සඳහා චීනයේ 'සිනොපෙක්' සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කෙරිණි.
කෙසේ වෙතත්, මෙම මස අත්සන් කිරීමට නියමිතව තිබූ තවත් අනුබද්ධ ගිවිසුමක් සම්බන්ධයෙන් චීන පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති විවිධ කොන්දේසි හේතුවෙන් රජය මේ වන විට අපහසුතාවයට පත්ව සිටී.
ඊට සමගාමීව, මෙම තෙල් පිරිපහදුව ඉදිකිරීමට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරිය සහ ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමු වී සිය විරෝධය පළ කර ඇතැයිද පැවසේ.
ඇමරිකාවේ 'ෂෙල්' සමාගමද මේ වන විට මෙරට ඉන්ධන වෙළෙඳපොළට පිවිස ඇති බැවින්, ඔවුහු ද තමන්ට ද එවැනිම පිරිපහදු පහසුකමක් ස්ථාපිත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇත.
මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්වලදී බරපතල අනතුරු ඇඟවීමක්ද සිදු වී ඇත.
එනම්, සිනොපෙක් සමාගම ඉරානයෙන් බොරතෙල් ආනයනය කර පිරිපහදු කිරීමට කටයුතු කළහොත්, එමඟින් ජාත්‍යන්තර ආර්ථික සම්බාධකවලට ලංකාවටද මුහුණ දීමට සිදුවීමේ අවදානමක් පවතින බවට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අගවා ඇත.
