පොලිසිය නුගේගොඩ රැලියේ ස්පීකර් ගලවයි...


විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘මහා ජන හඬ’ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතය.

මේ වන විට පොලිසිය පැමිණ ඒ ආසන්නයේ ඇති ශබ්ද විකාශණ යන්ත‍්‍ර ඉවත් කරමින් සිටී.

ඒ අද දිනයේ විභාගයට පෙනී සිටින සිසුනට බාධා වන්නේ යයි පවසමිනි. 

පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

එමෙන්ම අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේග

2 Comments

  1. උසස් පෙළ විභාගය හවස 5.10 වෙනතුරු පවත්වන දිනයක රැලිය පවත්වන්න තීරණය කළේ නෑමොලේ ද? මොලේ නැති නිසා ද නැතිනම් ඩීල් එකක් උඩ ද? (නොවැම්බර් 21 සිකුරාදා දේශපාලන විද්‍යාව II ප්‍රශ්න පත්‍රය දවල් 2.00 සිට හවස 5.10 වන තුරු පැවැත්වෙනවා)

    දැන් ඔක්කොම තියෙන්නේ ඩීල්. (උදාහරණයකට විමල් දින පනින කං ඉඳලා නඩුව ෆයිල් කලේ ආණ්ඩුවයි ඉන්දියාවයි එක්ක කතා වෙලා බව හැමෝම දන්නවා.)

    අද තනිකර තියෙන්නේ ඩීල් දේශපාලනයක්

    උසස් පෙළ විභාගය කලින් ඉවර වෙන දවස් ඕනේ තරම් තියෙනවා - එහෙම තියෙද්දි විභාගය හවස් වෙන කම් තියෙන දවසක රැස්වීම පවත්වන යොදා ගෙන තියෙන්නේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් උඩ වෙන්න පුළුවන්

    උදාහරණයකට නොවැම්බර් 24 සඳුදා දවල් දෙක වන විට විභාගය අවසන්. (නොවැම්බර් 24 සඳුදා සාමාන්‍ය ඉංග්‍රීසි II ප්‍රශ්න පත්‍රය දවල් 1.00 සිට දවල් 2.00 දක්වා)

    ReplyDelete
    Replies
    1. ඕයි, අපි දන්නව දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රය තියෙන්නෙ කියල. විභාග අපේක්ශකයන්ට දේශන හරහා උදව් කරන්නයි අපි හදන්නෙ. ඇයි තොපේ අනුරයිය සහ ජෙප්පො විභාග අතරෙ උද්ඝෝෂණ පෙළපාලි කඩාකප්පල් ක්‍රියා කොච්චර කළාද?

      Delete
Previous Post Next Post