මාලිමා සභාපති අභාවප‍්‍රාප්ත වේ...

 


අද (21) අලුයම ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස මහතා ජීවිතක්ෂයට පත්විය. 

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත විය. 

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 34ක් විය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබල වේගය නියෝජනය කරමින්, ගල්කඩවල කොට්ඨාසයෙන් තරග කොට ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඒ මහතා එම සභාවේ සභාපතිවරයා ලෙස පත්වී සිටියේය.

1 Comments

  1. ඔබට නිවන් සුව පතමි.

    ReplyDelete
Previous Post Next Post