රජයේ ප්‍රතිපත්තියට අනුව 2026 පළමු පාසල් වාරයේ සිට පාසල් පැවැත්වෙන වේලාවන් පැය භාගයකින් දීර්ඝ කිරිමට සමගාමීව ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවන කාල සටහන් සකස් කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) එස්.එම්. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් අජන්තා උත්සව ශාලාවේදි පැවැත්විණ.
මධ්‍යම
පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිළධාරින්ගේ සහ හැටන් ඩිපෝවේ නිළධාරින්ගේ
සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.
එම
රැස්වීමෙද් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි
(ධාවන) එස්.එම්. චන්ද්‍රසිරි මහතා කියා සිටියේ රජය විසින් ක්‍රියාත්මක කිරිමට
සැලසුම් කර ඇති නව අධ්‍යාපන සැලැස්මට අනුව මධ්‍යම පළාත තුල ලංගම සහ පෞද්ගලික බස්
රථ ධාවනය සම්බන්ධයෙන් කාලසටහන 2025.12.15 දිනට ප්‍රථම සකස් කර අවසන් කල යුතු බවයි.
ඒ
අනුව ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවනය කල යුතු බවත්, දැනට
පවතින අඩුපාඩුකම් හදුනා ගෙන එම අඩුපාඩුකම් සපුරා ගනිමින් 2026 වසරේ සිට මෙරට තුල
ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ලබා දිය යුතු බවයි.
දැනට
හැටන් ලංගම ඩිපෝව මගින් නියමිත කාලසටහන අනුව ඒකාබද්ධව ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට
එක් කලද ඇතැම් පෞද්ගලික බස් රථ හිමියන් එයට සහයෝගය නොදැක්වීම හමුවේ ගැටළු රැසක්
ඇති වී ඇති බවයි.
එම
කාලසටහන අනුව ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය කරන ලෙසත්, එම කාලසටහන අනුව බස් රථ
ධාවනය නොකරන පෞද්ගලික බස් රථ රියදුරන්ට එරෙහිව නෛතික පියවර ගැනිමට කටයුතු තරන බවයි
මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිළධාරින් කියා සිටියේ.
එළබෙන
ශ්‍රීපාද වන්දනාවාරයෙදි හැටන් දුම්රිය ස්ථානයේ සිට ශ්‍රීපාද වන්දනාකරැවන්
නල්ලතන්නිය දක්වා රැගෙන යෑමටත් ආපසු රැගෙන ඒමටත් ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය
එක් කිරිමටත් එම බස් රථ වලින් ශ්‍රී පාද වන්දනාවේ ගමන් කරන වන්දනාකරුවන්ට පරිසරය
ආරක්ෂා කරගනිමින් ශ්‍රී පාද වන්දනායේ යෙදෙන ලෙසට පණිවිඩයක් ලබා දීම සම්බන්ධයෙන් ක්‍රමවේදයක්
සකස් කිරිමටද මෙම රැස්වීමේදි විශේෂ අවධානය යොමු කලහ.
- රංජිත් රාජපක්ෂ
