ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානය ආසන්නයේ අද අලුයම් කාලයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
ඒ එම විහාරස්ථානයට පොලිස් බල ඇති ඇතුළු වීමත් සමගයි.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම විහාරස්ථානයේ තැබූ බුදු පිළිමයද පොලිසිය විසින් ඉවත් කිරීමට උත්සාහ දැරු බවය.
ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස් රැස්වී ඊට විරෝධය පළ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
එම විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ දරණ බවට ද ඔවුන් චෝදනා කරති.
එම විහාරස්ථානයේ හිමියන් සඳහන් කරන්නේ පූජා බිම භූමි ඔප්පුවක් යටතේ මෙම විහාරස්ථානය ස්ථාපිත කර ඇති බවයි.
එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය මත භික්ෂූන් වහන්සේලා ඇතුළු කිහිප දෙනෙකු ට රෝහල් ගත කිරීමටද කටයුතු කර ඇත.
