විපක්‍ෂයට විරුද්දව පොල් ගහන්නැයි ආණ්ඩුව වතුකරයට පොල් ගිහින් දීලා..

 


ආණ්ඩුවේ පිරිස් විසින් වතුකරයේ ජනතාවට පොල් අරන් දී පොල් ගසන්නැයි උපදෙස් දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී පලනි දිගම්බරම් මහතා සඳහන් කරයි.

වතුකරයේ කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අයට මෙසේ පොල් ගැසීමට උපදෙස් දී ඇති බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් වතුකම්කරු වැටුප ජනවාරි මාසයේ වැඩි කලහොත් ගැටලුවක් නැති බවත් එසේ නොවුනහොත් ආණ්ඩුවට විරුද්ධ පොල් ගැසිල්ල ආරම්භ වනු ඇති බවද හෙතෙම පැවසීය.

හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ  අදහස්  පළ  කළේය.

Previous Post Next Post