ඊසිකෑෂ් ගෙවීමෙන් පසු තබා ගිය හෙරොහින් සොයයි..


ඊසිකැෂ් ක්‍රමයට මුදලා ලබා ගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිණි තරුණයෙක් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

වෙනත් වැටලිමකට ගොස් ආපසු හැටන් පොලිසිය වෙත පැමිණෙමින් සිටි හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය තේ කර්මාන්තශාලාව අසළ රැදි සිටි තරුණයන් දෙදෙනෙකු පිලිබද සැක සිති ඔවුන් රැදී සිටි ස්ථානය පරික්ෂා කිරිමෙදි ප්‍රධාන මාර්ගය අසළ තෘණ බිමක සගවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් සොයා ගැනීමට පොලිස් නිළධාරින් සමත් විය.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, එම සැකකරු රු.6000ක් ගෙවා ඊසිකැෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය පැකට්ටුව ලබා ගෙන ඇති බවට තහවුරු වී බවත්, මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට සැකකාර තරුණයාගේ දුරකථන විශ්ලේෂණ සිදු කරන බවයි වැටලිම සිදු කල හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් කියා සිටියේ
රංජිත් රාජපක්ෂ               
Previous Post Next Post