කොළඹ සිට තලවකැලේ වටගොඩ දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ වැන් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදු වු අනතුරකින් බරපතල ලෙස තුවාල ලැබු ත්‍රීරෝද රථයේ රියදුරු කිතුල්ගල තැලිගම ප්‍රදේශයේ රෝහල වෙත ඇතුලත් කල පසු රියදුරු මිය ගොස් ඇති බව පොල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතා පැවසීය.
මෙම
අනතුරින් මිය ගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ඉන්දික ප්‍රියකුමාර
නැමති 53 හැවිරිදි අයෙකි.
උදෑසන
9:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය යටිබේලිය
ප්‍රදේශයේදීය.
අධික
වේගයෙන් ධාවනය වී ඇති ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ
දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරින්
ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක්ද තුවාල ලබා තැලිගම ප්‍රාදේශීය රොහල
වෙත ඇතුලත්කල බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අනතුරින්
ත්‍රීරෝද රථයට සහ වැන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, වෑන් රථයේ රියදුරා
සැක පිට අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්
කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.
අනත රට හේතුව රියදුරුගේ නොසැලිකිලිමත් රිය ධාවනය බවට
අනතුර පිලිබද පරික්ෂණ පවත්වන පොල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සැකකරයි.
රංජිත් රාජපක්ෂ
