ඉතිහාසයේ පලමුවරට විශේෂඥ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කැදවයි..


එළඹෙන 24 වෙනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමය විසින් මේ බව රජයට දැනුම් දීමටද පියවර ගෙන ඇත.

විශේෂඥ වෛද්‍යවරුන් මෙතෙක් ඉතිහාසයේ කිසිම වැඩ වර්ජනයකට සම්බන්ධ නොවුණු අතර මෙම වැඩ වර්ජනය කැඳවා ඇත්තේ ඉතිහාසයේ පළමුවරට බව එම සංගමය ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් මහතා පැවසීය.

ඒ අනුව 24 වෙනිදා සිට දින දෙකක් පෞද්ගලික රෝහල වල විශේෂඥ සේවාවලින් ඉවත්වන බවද පැවසූ ඔහු විසි හයවෙනිදා සිට දින දෙකක් රජයේ රෝහල්වල සේවාවෙන් ඉවත් වන බවත් පැවසීය.

මෙම වර්ජනය සම්බන්ධයෙන් රජය ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉන් පසු අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවද ඔහු කියා සිටියි.

විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ අමතර කාලයක් සේවාවල යෙදීමේදී පැය හයකට අදාළව ලබාදෙන දීමනාව අහෝසි කොට මාසයකට ස්ථිර දිමනාවක් ලබාදෙන ලෙසයි. 

එමෙන්ම නිල වාහනයක් හෝ ඊට අදාළ සාධාරණ දීමනාවක් ලබාදිය යුතු බවද ඔවුන්  කියා  සිටිති.


2 Comments

  1. Hodai..melo wedakata nethi p..ke jeppanta nikamma cab 2000k bedana eke, jivitha berana doctolarta aniwaryayen wahana denna ona..

    ReplyDelete
  2. වෛද්‍ය වරුන්ට සාධාරණ මිලකට වාහනයක් ගන්න බලපත්‍ර හෝ රජය විසින්ම වාහනයක් දීම සාධාරණ නේද?

    ReplyDelete
Previous Post Next Post