අද නුගේගොඩ රැලියට පොලිිසියෙන් ශබ්ද විකාශන කොන්දේසි..

 

පොලිසිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහජන රැළියක් සඳහා ශබ්ද විකාශණ යන්ත්‍ර බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව -මිරිහාන පොලිස් ස්ථානය.

2025.11.21 වන අද දින දහවල් 02.00 ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී මහජන රැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එම රැළියේ සංවිධායකවරුන් විසින් ශබ්ද විකාශණ යන්ත්‍ර බලපත්‍ර මිරිහාන පොලිස් ස්ථානය මගින් ඉල්ලුම් කර ඇත.

මෙම මහජන රැළිය සඳහා දිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, පාක්‍ෂිකයින් හා මහජනතාව පැමිණීමට නියමිතය. මහජන රැළිය පවත්වන ස්ථානයට යාබදව මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙළ) විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති බැවින් මහජන රැළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම මගින් එම විභාග සඳහා පෙනී සිටින සිසුන් හට බාධාවක් සිදුවිය හැක.

මෙදින උදෑසන 0830 සිට උදෑසන 1140 දක්වාත් සහ සවස 0200 සිට සවස 0500 දක්වා අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙළ) විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතා කිරීමේදී පවතින නීතිරීති වලට අනුව කටයුතු කිරීමට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට හා විභාග කටයුතු අවසන් වීමෙන් පසුව නැවත පිටව යාමට සහ විභාග පැවැත්වෙන අවස්ථාවේදී ඒ සඳහා කිසිදු බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙසට ශබ්ද විකාශණ යන්ත්‍ර කොන්දේසි ලබා දී ඇත.

ඒ අනුව මෙම රැළිය පවත්වන පරිශ්‍රය තුල පමණක් ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතා කරන ලෙසත් බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය විසින් බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දන්වා ඇත.

4 Comments

  1. Politicized police?

    ReplyDelete
  2. What is the sound level permitted?

    ReplyDelete
  3. නාමල් නීතිඥයෙකු ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන ඇත. දැන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම අධිකරණයට අපහාස කිරීමක් නොවේද?

    ReplyDelete
  4. කුඹූක්කණ්November 21, 2025 at 10:39 AM

    මං මේ දැනගන්න අහන්නෙ

    ඊයෙ තං ගල්ලෙ උසස් පෙල තිබිලා නැතෙයි?

    ReplyDelete
Previous Post Next Post