ෂොපින් බෑග් නීතිය ගැන අමුතු කතා..

ෂොපින් බෑග් සදහා මුදල් අය කිරීමේ විශේෂ නීතිය ක්‍රියාත්මක වන පසුබිමක නුවරඑළිය හා හැටන් ප්‍රදේශවල ඇතැම් පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් අගයන  නමුත් බහුතරයක් වූ වෙළඳුන් හා පාරිභෝගිකයන් එය ප්‍රායෝගික නොවනබව ප්‍රකාශ කරයි ,

ෙළඳ පොළ තුළ ඕනෑම භාණ්ඩයක් මිලදී පාරිභෝගිකයන් භාණ්ඩ රැගෙන යාම සදහා භාවිතා කරන ෂොපිං බෑග් නොමිලේ ලබා දීම 01 දින සිට තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය ඔක්තෝබර් මස 01 දින නිකුත් කර ඇත

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය සඳහන් වන්නේ පාරිභෝගිකයන් වෙත ලබාදෙන ෂොපිං මලු සඳහා මිලක් අය කල යුතු බවයි ,

එවන් පසුබිමක නුවරඑළිය හා හැටන් ප්‍රදේශී ව්‍යාපාරිකයන්ගෙන් අප සිදු කළ විමසීම්වලට ඇතැම් ව්‍යාපාරිකයන් ප්‍රසාදය පළ කර නමුත් බහුතරයක් ව්‍යාපාරිකයන් එම ගැසට් නිවේදනය සඳහන් කරුණු ප්‍රායෝගික නොවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය . 

ආර්.එෆ්.එම්.සුහෙල් 

Previous Post Next Post