පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය.
ඒ පාර්ලිමේන්තුවේ ලේකම්වරුන් වැඩි වශයෙන් විදෙස්ගත වන්නේ යැයි චෝදනා කරමිනි.
ඇතැම් ලේකම්වරුන් සිය වතාවක් පමණ විදේශ සංචාරවල නිරත වී ඇතත් එයින් ඵලදායී යෝජනාවක් හෝ රට වෙනුවෙන් ඉදිරිපත් කර නැති බවද ඔහු චෝදනා කළේය.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් දක්ෂ නිලධාරිනය එකම විදේශ සංචාරයක් හෝ නොලැබී ඇති බවද හෙතෙම කියා සිටී.
පාර්ලිමේන්තුවද ජනවරමට යටත් බව සිහි තබා ගත යුතුවද පැවසූ සභානායකවරයා නිලධාරින් සුළු පිරිසක් වරප්‍රසාද මත්තේම නැහෙන බවටද චෝදනා කළේය.
පසුගිය සැප්තැම්බර් මස තිස් වැනිදා කතානායකවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්ට දැනුම් දී ඇති පාර්ලිමේන්තු වැටුප් සහ අනෙක් ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අභියාචනා වාර්තාව අද වනතුරු ඉදිරිපත් කරන්නැති බවද පැවසූ අමාත්‍යවරයා එසේ කටයුතු කළේ ඇයි තමන් නොදන්නා බවද තවදුරටත් කියා සිටියේය.
