වතුකර ජනතාව ඉඩම් සහ නිවාස අයිතිය ඉල්ලයි...

වතුකරයේ ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ලබා දෙන ලෙස රජයට බල කරමින් ඊරෝස්ට් ප්‍රජාතන්ත්‍රවදී පෙරමුණේ සාමාජිකයන් හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදා දිමේ වැඩසටහනක් දියත් කරයි.

ජනාධීපති අනුරකුමාර දිසානායක මහතා කෙරෙහි විශ්වාසයක් ඇතැයි එම පෙරමුණෙ තරුණ කණ්ඩායම් නායකයා කියයි.

වතුකරයේ ජනතාවට ඉඩම් සහ නිවස අයිතිය ලබා දෙන ලෙස බල කරමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවදි පෙරමුණ විසින් හැටන් නගරයේදි (15) දින අත්පත්‍රිකා බදා දෙමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

මේ රටේ ජීවත්වන හින්දු සම්භවයක් ඇති ලක්ෂ 15ක් පමණ වන ජනතාවට කිසිදු ඉඩමක හෝ නිවසක හිමිකමක් මෙතෙක් ලබා නොමැති බවත්, තිබූ ඉඩම් අයිතිය 1948 වසරේදි එවකට රට පාලනය කල පාලකයින් විසින් අහිමි කල බවයි එම පක්ෂයේ මහ ලේකම් ජීවන් රාජේන්ද්‍රන් මහතා කියා සිටින්නේ.

රටේ අනෙක් පුරවැසියන් මෙන්ම සියලුම වරප්‍රසාද සහ හිමිකම් වතුකරයේ හින්දු සම්භයක් ඇති වතුකරයේ  ජනතාවටද ලැබිය යුතු බවයි ජීවන් රාජේන්ද්‍රන් මහතා කිය සිටියේ.

ඉඩම් සහ නිවාස අයිතිය ඉල්ලා ඉඩම් සහ නිවාස අත්පත්‍රිකා බෙදා දීමේ අවස්ථාවට එක් වූ එම පක්ෂයේ තරුණ කණ්ඩයම් නායක සරත් කුමර මහත කියා සිටියේ වතුකරය නියෝජනය කල දේශපාලඥයන් වතුකරයේ ජනතාව මුලා කරමින් දේශපාලන කටයුතු වල නියැලී සිටි බවයි.

වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහත ඔහුගේ රජයක් යටතේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු.400කින් වැඩි කිරිමට කටයුතු කලා සේම වතුකරයේ ජනතාවගේ ඉඩම් සහ නිවාස අයිතිය ලබා දීමට කටයුතු කල යුතු බවත්, එය ජනාධිපතිවරයා විසින් සිදු කරන බවට තම පෙරමුණ සහ වතුකරයේ ජනතාව තුල විශ්වාසයක් ගොඩ නැගී ඇති බවයි සරත් කුමාර මහත කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ                

Previous Post Next Post