ඇමරිකාව සමග අත්සන් කළ රහසිගත ආරක්ෂක ගිවිසුමේ අවධානම සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ නුගේගොඩදී මාධ්‍යය හමුවේ අදහස් දක්වන ලදී.
" දැන් මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුද්දක කාලයක් වෙනවා. මේ කාලේ ඇතුළත විවිධ රටවල් එක්ක ආණ්ඩුව ගිවිසුම් අත්සන් කළා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ ඒ ගිවිසුම් ගැන කිසිවක් ජනතාවට කියන්නේ නැහැ. පසුගිය අප්‍රේල් 8 වෙනිදා ඉන්දියාව එක්ක අත්සන් කළා ගිවිසුම් 7ක් අදටත් ඒ ගිවිසුම් අබිරහසක්. ඒ වගේම තමයි පසුගිය දවසක ජනතාවගෙන් හංගලා ජපානයත් එක්කත් ආරක්ෂක ගිවිසුමකට එළඹුනා.
අපිට තියන ප්‍රශ්නේ තමයි ආණ්ඩුව මේ විදිහට අත්සන් කරන ගිවිසුම් ජනතාව දැනගන්න ඕන නැද්ද කියන එක. මොකද රටේ සමුද්‍රීය ආරක්ෂාව, යුධ භාණ්ඩ හුවමාරුව, භූ දේශපානලන මැදිහත් වීම් මේ සියල්ල මේ ගිවිසුම් එක්ක සම්බන්ධයි.
මේ ආණ්ඩුව බලයට එන්න කලින් විපක්ෂෙ ඉන්න කාලේ මේ වගේ දේවල් වෙනකොට අපි දැක්කා හන්දි ගානේ නටනවා. ගිවිසුම් හෙළිකරන්න කිය කියා. එහෙම කියලා බලයට ආව ආණ්ඩුව දැන් ඇමරිකාව, ඉන්දියාව, ජපානය මේ ඔක්කොම රටවල් එක්ක හිතුණ හිතුණ වෙලාවට ගිවිසුම් ගහනවා. අපි කියනවා මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඇමරිකාවට ඉන්දියාව තියනවා භූ දේශපානලන අරමුණු. ඒ දේශපානලන අරමුණුවල ඉත්තෙක් වෙන්නද ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ ? මේ රටේ ජනතාව එහෙම දේකට ආණ්ඩුවට බලය දුන්නේ නැහෑ.
මෙතන තියනවා තවත් බරපතළ කාරණාවක්. ඒ තමයි ආණ්ඩුව මේ යුධ ගිවිසුම්වලට එළඹුණ ඇමරිකාව, ඉන්දියාව සහ ජපානය කියන්නේ කව්ඩ් සම්මුතියට අයිති රටවල්. සරළවම ක්වඩ් එක හඳුන්වන්නේ ආසියානු කලාපයේ නේටෝව විදිහට. ඒ නිසා මෙතන පැහැදිලිවම පේනවා මේ දේශපානලනේදි යම් මතයක් ආණ්ඩුවලට තියෙන්න පුලුවන්. හැබැයි එහෙම කියලා රටේ ආරාක්ෂාව තුට්ටු දෙකට ඇදලා දාලා කටයුතු කරන්න අයිතියක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට වහාම කියනවා දැන්වත් මේ යමින් ඉන්න පාර මොකක් ද කියලා ජනතාවට කියන්න. ඒ වගේම තමයි ජනතා අනුමැතියකින් තොරව ඉන්දියාව එක්ක ඇමරිකාව එක්ක වගේම ජපානය එක්ක අත්සන් කරපු ද්‍රෝහී ගිවිසුම් වහාම හකුළාගන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා. එහෙම නොවුනොත් ඉදිරියේදී මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරාජයට පත් කරන්න ජනතාව සංවිධානය කරන්න අපි පසුබට වෙන්නේ නැහැ කියන කාරණයත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. "
