රාජපක්ෂ
පවුලේ දේශපාලන අනාථයෝ සෙට් එක ලාහට ගෙම්බෝ ඇහිඳිනවා වගේ කට්ටිය එකතු කරලා 21 වන
දින රජයට විරුද්ධව උද්ඝෝෂණයක් ලෑස්ති කිරීමට කටයුතු කරනේ ඔහුගේ වැරදි වසා ගැනීමට
හා වාසිතකා බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ නායක චමීර පෙරේරා චෝදනා කරයි
,
ඔහු
මේ බව කියා සිටියේ රට තුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ අදහස් දැක්වීමේ
විශේෂ මාධ්‍ය හමුවක් හැටන් හිදී
පවත්වමිනි,
වැඩිපුර
අදහස් දක්වමින් ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ නායක චමීර පෙරේරා මෙසේද කියා සිටියේය
,
රාජපක්ෂ පවුලේ සියළු වැරදි වලට කරගහපු
ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ රටේ මිනිස්සු ගැන පුදුම විදිහට හිතන්නේ ,
ඔහු දැන් කියනවා මේ ආණ්ඩුවේ ඉන්නේ කාගේ
අයද අපේ අය අපේ මිනිස්සු කියලා ඒ අය චන්දෙ දුන්නේ අපිට අපිට ඔවුන් හරවන්න පුළුවන්
කියලා ඒ ඔහුගේ හීනමානයක් පමණයි ,
අපි ජොන්ස්ටන් ප්‍රනාන්දුට අවධාරණය
කරන්නේ තමුන් තවම ඉන්නේ 2005 - 2010 කාලයේ ,
මේක තමයි මම කිව්ව වනචර පවුලේ සහ ඔවුන්ගේ බත් බැලයෝ හිතන විදිහ ,
මොවුන් තාම හිතාගෙන ඉන්නේ රටේ අහිංසක
මිනිස්සු උන්ගේ සාක්කුවල ඉන්න බොයිලර්ලා කියලා ,
ඔවුන් හිතාගෙන ඉන්න දෙදහස් දහය වසරේ තිබු
රට නෙමෙයි දැන් තියෙන්නේ ,
එදා තිබ්බ ධාර ලණු කන දේශපාලන සංස්කෘතිය
ජනතාව උස්සලා පොලේ ගහලා ඉවරයි ,
ජොන්ස්ටන් කියන වගේ කාටත් කරගහගෙන යන්න
පුළුවන් ඡන්ද පොට්ටනි දැන් නැහැ,
රාජපක්ෂ කඳවුරේ බත් බැලයන්ට අපිට කියන්න
තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට රටේ උන්නතිය ගැන හිතලා තීරණය ගන්න පුළුවන් එවන්
පසුබිමක් තමයි දැන් තියෙන්නේ ,
මේ රටේ මිනිස්සු ස්වාධීනව තීරණ ගන්නවා
මිනිස්සුන්ට නිවැරදි දැක්මක් හා දිසානතියක්
ඉලක්කයක් තියෙනවා ,
ඒ නිසා තවදුරටත් මහින්ද රාජපක්ෂගේ ගෝඨාභය
රාජපක්ෂගේ ඊට පස්සේ නාමල් රාජපක්ෂගේ ඕන එපාකම්වලට නටන බර කර ගහගෙන යන ඡන්ද පුට්ටනේ
නැහැයි කියන එක අපි නැවත නැවතත් මතක් කරනවා ,
තාමත් අපේ උන් අපේ උන් කියලා මහජනතාවට
අපහාස කරන්න එපා. ඒ තොපේ උන් නෙමේ ඒක තමයි මුන් කරන ජනතාවට ලොකුම අපහාසය ,
මේ රටේ ජනතාව පල්ලහර දාලා අපි කිව්වනම්
ඕන දෙයක් කරයි අපිව කර උඩ තියාගෙන නටයි කියලා තවමත් හිතාගෙන ඉන්නවනම් ඒක ඇත්තටම
ගොන් කමක් සහ මෝඩකමක් ,
ජනතාව දන්නවා මහින්ද රාජපක්ෂගේ පාලනය හා
මහින්ද රාජපක්ෂගේ පාලනය රනිල් එක්ක එකතු වෙලා මහජනතාව පාරට ඇදලා දාපු එක ,
රට මුස්පේන්තු භාවයට ඇද දමලා උන් දැන්
ජීවත්වෙන විදිහ ජනතාව දන්නවා ඒ නිසා අපි විශ්වාස කරනවා ජනතාව කිසිසේත් මෝඩ වෙන්නේ
නැහැයි කියලා.
තවදුරටත් මේ රටේ මිනිස්සුන්ට රාජපක් සහ
වික්‍රමසිංහ මුස්ලීන්තු පැලැන්තිය කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ .
වර්තමාන ආණ්ඩුව අලුත් ආණ්ඩුවක් ඔවුන්
බාරගත්තේ අර්බුද රැසක් මැද තිබුණු රටක් ඔවුන්ට අප කාලසීමාවක් දෙන්නට ඕන රට
ගොඩනගන්න අවුරුද්දකින් ගොඩදාන්න පුළුවන් රටක් නෙමෙයි මුන් දුන්නේ ,
මොවුන්ට එදා වගේම තවමත් හොරකම් කරන්න
උවමනාවට තමයි මේ ජනරාසියක් එකතු කරන්නේ මේ ගැන මහජනතාව හොඳට තේරුම් ගෙන ඉවරයි. අපි
බලමු කවුද ඔවුන් එක්ක එකතු වෙන්නේ කියලා .
ආර්.එෆ්.එම්.සුහෙල්

කාලයක් රනිල් ගාව කාලයක් සජිත් ගාව දැන් පඟරයට හේත්තු වෙලා..මූට කක්ක ටිකක් කන්න දුන්නොත් ප්‍රභාටත් කඩේ යයි.
ReplyDelete