රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
රෝහල් පද්ධතිය තුළ නැවත හිස ඔසවන ඖෂධ සහ
උපකරණ හිඟය හමුවේ රෝගී සත්කාර සේවාවට සිදු වන බලපෑම.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව ඉහළ
ගුණාත්මක තත්ත්වයෙන් යුතුව ජනතාවට සැපයීමට නම්, ප්‍රමිතිගත ඖෂධ අඛණ්ඩව රෝහල් පද්ධතියට
සැපයීම අනිවාර්ය කරුණකි.
ඖෂධ, ශල්‍ය හා වෛද්‍ය උපකරණ, රසායනාගාර පරීක්ෂණ
සඳහා අවශ්‍ය කරන උපකරණ හා ප්‍රතික්‍රියක මෙන්ම විකිරණශීලී පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන
උපකරණ සියල්ල අඛණ්ඩව හිඟයකින් තොරව සමස්ත රෝහල් පද්ධතියටම ලබාදීම රජයේ සහ සෞඛ්‍ය
අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීමයි.
2023 වර්ෂයේදී මෙරට ඖෂධ සහ උපකරණ හිඟය, ඛේදවාචකයක් දක්වා
වර්ධනය වූ අතර ඊට හේතු වූ කරුණු හඳුනා ගනිමින් තිරසාර වැඩපිළිවෙළක් ඔස්සේ නැවත ඖෂධ
අර්බුදයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමය දිගින් දිගටම අවධාරණය කරන ලදී.
එපමණක් නොව ඒ සඳහා විසඳුම් යෝජනා ලබාදෙමින්
සහ එම යෝජනා ක්‍රියාත්මක කිරීමටද මැදිහත් වෙමින් ඖෂධ හිඟය විසඳීම සඳහා තම
කාර්යභාරය ඉටු කිරීමටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන ලදී.
පසුගිය කාලයේ යම් තරමකට සමනය වී තිබුණු ඖෂධ
සහ උපකරණ හිඟය, නැවතත් උග්‍ර
වෙමින් පවතින බව අප ශාඛා සමිති හරහා වාර්තා වී ඇත. රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය
ඖෂධ සහ උපකරණ ප්‍රමාණවත් පරිදි නොමැති වීම හේතුවෙන්, රෝගී සත්කාර සේවාවන් සැපයීමේදී විවිධ
බාධාවන් සහ ගැටලු මතුවෙමින් තිබෙන බව නිරීක්ෂණය වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදු
කරන ලද සමීක්ෂණයට අනුව, රෝහල් පද්ධතිය තුළ මේ
වනවිට ප්‍රමාණවත් තොග නොමැති ඖෂධ ප්‍රමාණය 150 කට අධිකය.
මෙම ඖෂධ අතර, ප්‍රතිජීවක ඖෂධ, නිර්වින්දන ඖෂධ, ස්වසන රෝග සඳහා අවශ්‍ය වන ඖෂධ, බෝ නොවන රෝග සඳහා අවශ්‍ය
ඖෂධ සහ වේදනා නාශක ආදී කාණ්ඩ ගණනාවක ඖෂධ ඇති අතර, අක්ෂි රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වලද විශාල
හිඟයක් පවතී.
රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟයක් ඇති බව,
සෞඛ්‍ය ඇමතිතුමාද කීප
වතාවක්ම පිළිගෙන ඇති අතර, 2024 වර්ෂයේදී ප්‍රසම්පාදන
ක්‍රියාවලියේ ඇති වූ ප්‍රමාදයන් ඊට හේතුව බව ප්‍රකාශ වී තිබේ.
ස්වස්ථ පද්ධතිය මඟින් සමස්ත ප්‍රසම්පාදන
ක්‍රියාවලියම නිරීක්ෂණය කළ හැකි පසුබිමක, වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් එම
ප්‍රමාදයට හේතුවන කරුණු වලට, කෙටිකාලීන
විසඳුම් සැපයීමට අසමත් වීමෙන් පෙනී යන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ
අකාර්යක්ෂමතාවයයි.
ඖෂධ හිඟය උග්‍ර වීම තුළ, හදිසි මිලදී ගැනීම්
සඳහා අවකාශය විවෘත වන අතර, විසඳිය හැකිව
තිබෙන ඖෂධ ගැටලුව උග්‍ර වීමට ඉඩ හැර තිබෙන්නේ සැලසුම් සහගතවමද යන කරුණද විමසා
බැලිය යුත්තකි.
රෝහල් පද්ධතිය තුල ඖෂධ සහ උපකරණ නොමැති වන
විට එම ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා ඒවා පෞද්ගලික
අංශයෙන් මිලදි ගෙන රැගෙන ඒමට රෝගීන්ට සිදු වී තිබේ. හෘද ශල්‍යකර්ම ඇතුලු ඇතැම් ශල්‍යකර්ම
වලදි රෝහලේ නැති ඇතැම් උපකරණ මිලදි ගැනීමට රෝගීයාට හැකියාවක් නැතිනම් එම ශල්‍යකර්මය
සිදු කර ගැනීමට නොහැකි වතාවරණයක් රෝහල් වල ඇතිව තිබේ. එය රෝගියාගේ පාර්ශවයෙන් බලවත්
අසාධාරණයකි.
ඖෂධ සහ උපකරණ අවශ්‍ය පරිදි සෞඛ්‍ය අමාත්‍යංශයෙන්
රෝහලට සැපයීමට අපොහොසත් වන පසුබිමක, ඉතිහාසය පුරාම සිදුවූයේ වෛද්‍යවරුන් විසින් එම ඖෂධ,
උපකරණ සහ රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් ලබා ගැනීම සඳහා රෝගීන්ගේ එකඟතාවය
සහිතව රෝගීන් සුවපත් කිරීමේ අරමුණ ඇතිව නිර්දේශ සහ ඖෂධ වට්ටෝරු නිකුත් කිරීමයි.
එහෙත් පද්ධතිය තුළ නොමැති ඖෂධ බාහිරින්
ලබාදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවුණු සාකච්ඡාවන් හේතුවෙන් වෛද්‍යවරුන් එසේ
නිර්දේශ නිකුත් කිරීම සම්බන්ධයෙන් යම් අවිනිශ්චිත තත්ත්වයකට පත් වූ අතර, එය පාදක කර ගනිමින්
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය මෙම ගැටළුව තවත් වියවුලක්
දක්වාම රැගෙන යන ලදී.
සද්භාවයෙන් යුතුව, රෝගි ජනතාව වෙනුවෙන්
අවදානමක් දරාගෙන සේවය කරන වෛද්‍යවරුන්, නිකරුනේ නීතිය ඉදිරියේ සහ සමාජ මාධ්‍ය ඉදිරියේ චූදිතයන්
බවට පත් කරමින් ඇත.
මේ වන විට වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙස මෙරට
වෛද්‍යවරුන් රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ, බාහිරින් ලබා ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු සහ
නිර්දේශ නිකුත් කිරීම නවතා ඇත.
මෙහි එක් අරමුණක් වනුයේ රෝගී ජනතාව වෙනුවෙන්
සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය විසින් ලබාදිය යුතු සියලු ඖෂධ සහ උපකරණ, අඛණ්ඩව සැපයීමට වගකිව
යුත්තන්ට බල කිරීමයි.
ඖෂධ සහ උපකරණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ
ඇති කාර්යක්ෂමතාව සහ සම්බන්ධීකරණය පිළිබඳ ගැටළු විසඳමින්, වංචා සහ විෂමාචාර ක්‍රියා
පිටුදකිමින්, පාරදෘෂ්‍යභාවය
තහවුරු වූ විධිමත් ක්‍රියාවලියක් හරහා ඖෂධ සහ උපකරණවල අඛණ්ඩ සැපයුම තහවුරු කළ
යුතුය.
එමෙන්ම ඖෂධ තොග බෙදාහැරීම සහ කළමනාකරණය
කිරීමේදීද, ස්වස්ථ
පද්ධතිය හරහා වඩා කාර්යක්ෂම සහ විධිමත් ක්‍රමවේදයක් තහවුරු කිරීම තුළ අවශ්‍ය ඖෂධය,
අවශ්‍ය ප්‍රමාණයෙන්,
අවශ්‍ය මොහොතේදී රෝහල්
පද්ධතිය තුළ සහ රෝගියා සතුව ඇති බව තහවුරු කළ යුතුය.
නිදහස් සෞඛ්‍ය සේවාව යනු ඕනෑම රජයකට අත්හළ
නොහැකි වගකීමකි. ඒ වෙනුවෙන් ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු ඖෂධ අඛණ්ඩව රෝහල්
පද්ධතිය තුළට සහ ජනතාවට සැපයීමට සියළු පාර්ශව බැඳී සිටි.
ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් අවසානයේ
අසාධාරණයට ලක්වන්නේ මෙරට අහිංසක රෝගී ජනතාව වන අතර, නැවත උග්‍ර වෙමින් පවතින ඖෂධ සහ උපකරණ
ගැටලුව, කෙටිකාලීන,
මධ්‍යකාලීන සහ
දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ තිරසාර ලෙස විසඳීම ඉහළ ප්‍රමුඛතාවයක් සේ සලකා රජය
සහ සෞඛ්‍ය අමාත්‍යාංශය, වහාම මැදිහත්
විය යුතු බව අවධාරණය කරමු.

If car permits given, problem will solve.
ReplyDeleteApprentice ආණ්ඩුව හැමදාම නාගන්නව. දන්නෙ ත්‍රස්තවාදය හා කඩාකප්පල් කිරීම විතරමයි
ReplyDelete