නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් සිදු කර එමගින් වත්කම් උපයා ගෙන ඇති බවට ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනතප්‍රකාරව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව, වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මාහින්ගොඩ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාගේ බිරිඳ විසින් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදල් යොදවා රුපියල් කෝටි 03 ක් වූ ඉඩම් කැබලි තුනක් සහ ඇහැලියගොඩ රත්නපුර මාර්ගයට යාබදව පර්චස් හයක ඉඩම් කොටසක් මිලදීගෙන කඩ කාමරයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවට අනාවරණය වී ඇත. ඒ අනුව නීතිවිරෝධී ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය වයස අවුරුදු 45 ක් වන මාහින්ගොඩ, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඒ අනුව සැකකාරියගේ නමින් මිලදීගෙන ඇති ඉහත දේපල මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක් දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත්කර ඇත. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

What did LCN did it to themselves. They had hundreds of comments on news articles and then changed to 'sign with google' and now has dried up completely. No one wants to publish their names. Change it back or you will loose all your viewers and supporters.
ReplyDelete