අපේ ජනබල පක්ෂය විසින් ජාතික ජන බලවේගය නායකත්වය දරන වත්මන් රජයට පූර්ණ සහයෝගය ලබා දීමට තීරණය කර ඇති බව නිවේදනය කර ඇත.
අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් චින්තක වීරකෝන් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා සහයෝගය දැක්වීමට පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බවයි.
