පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ සාක්ෂි විනාශ කර තිබුණද, එම මහා ඝාතනය පිටුපස ඇති සත්‍යය අනාවරණය කිරීමෙන් රජය කිසිසේත් පසු නොබසින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ප්‍රධාන වාර්තාවලින් පිටු ඉරා දමා ඇති නමුත්, රජය මේ වන විටත් නැවුම් සාක්ෂි රැස්කිරීම ආරම්භ කර ඇති බවයි.
"සාක්ෂි විනාශ වී තිබුණත් අපි සත්‍යය අනාවරණය කරනවා," ඔහු පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධානී ශානි අබේසේකර මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පාස්කු ඉරිදා ප්‍රහාර පිටුපස ඇති සත්‍යය අනාවරණය කිරීමට දිවා රෑ වෙහෙසෙමින් සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.
"ඔවුන් වැඩි කලක් නොගොස් සත්‍යය හෙළි කරනු ඇත," ඔහු තවදුරටත් අවධාරණය කළේය.
අධිකරණයකදී නඩුවක් ගොනු කරන්න ප්‍රකාශ විතරක් ප්‍රමාණවත් නැහැ. අපි පරීක්ෂණ පවත්වන්නේ අධිකරණයකදී. තහවුරු කිරීමට සාධක අවශ්‍යයි. දුරකථන විශ්ලේෂණ, ඔවුන්ගේ සබඳතා ඇත්නම් ඒවා අවශ්‍යයි. අපි හඳුනාගන්න මහමොළකරු ඝාතකයා නෙමෙයිනේ? පාස්කු ප්‍රහාරය සිදු වෙලා උණුඋණුවේම පරීක්ෂණ කරන්න තිබුණා. ඒ ප්රශ්නය විසඳ ගන්න බැරි වුණා. අනතුරුව ඝාතනය කළා යැ’යි සැක හිතෙන කණ්ඩායම් අතට බලය ගියා. බලය ගියාට පසුව ගොඩක් සාක්ෂි වහලා තිබෙන්නේ. පොත්වල කොළ ඉරලා. අපි රටේ මෑත කාලයේ සිදු වූ ඕනෑම ඝාතනයක් සිදු වූ පසුව දින තුනක් යන්නත් කලින් සැකකරුවන් අත්අඩංගුවට අරන් තිබෙනවා. ඔවුන්ට බලය ගිය නිසා ලංකාවේ පළමු වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 500කට ආසන්න ප්‍රමාණයකට රට තහනමක් ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් අයින් කළා. ශානි අබේසේකර මහතාව හිරේ දැම්මා. මේ පරීක්ෂණ ආයතන බිඳ වට්ටවලා, පරීක්ෂණ කළ නිලධාරීන්ව මාරු කරලා. වසර 5ක් ගිහින් පරික්ෂණ කරන්න අමාරුයි. හැබැයි, මම අපේ පරීක්ෂණ කණ්ඩායම කෙරෙහි විශාල විශ්වාසයත් තබාගෙන සිටිනවා. ඔවුන් මේ පරීක්ෂණය විධිමත්ව කරලා, වරදකරුවන් නීතිය හමුවට පමුණුවන බව මා දන්නවා.

Geri kota apayata gihin hoyan waren mahamolakaru
ReplyDeleteMuoo Keri kotaa nennam...boruwen minissu rawattanawaa...Keri mini Maru jeppo ranchuwa malimawa kiyala ekak atawagena rata kanawaa....
ReplyDeleteRakapakse guu kana paraya tho! Gihin gaaniwa deepiya paraya
Deleteඑතුමා තව දාර පචයක් අතාරිනවා.
ReplyDeleteපිටු ඉරලා 😆😆. මොන්ටිසෝරි ක්රමයේ පච 😆😆. ඕක අතින් ලියලා එක කොපියක් විතරක් තියන් හිටපු එකක්ද මිනිහෝ 🤣🤣
ReplyDeleteMUUTA DAN HARIYATA BORUWAKWATH KIYAGANNA BAA ETHANATH NAANAWA
ReplyDelete