රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා වෙත කැළණිය විශ්ව විද්‍යාලය මඟින් "සම්මානිත මහාචාර්ය" යන පදවි නාමය පිරිනමා ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම පදවි නාමය 2025 ඔක්තෝම්බර් මස 14 වන දින සිට ක්‍රියාත්මක බව කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති සිල්වා මහත්මිය විසින් අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දී ඇත.
ඒ අනුව, අමාත්‍ය වරයාගේ නම සමඟ මින් ඉදිරියට "සම්මානිත මහාචාර්ය" යන පදවි නාමය භාවිතා කිරීමට නියමිතය. මීට පෙර අමාත්‍යවරයා "ආචාර්ය" යන පදවි නාමයෙන් හඳුන්වා දෙන ලදි.
අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් ඒ පිළිබඳව අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන ප්‍රධානීන්ට සහ අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත.
අදාල ලිපිය මෙහි දැක්වෙයි.


Mahinda or Gota never used 'Dr' title offered to them.
ReplyDeleteIt’s disappointing to see the present government moving along the same rut. Leaders should focus on serving the people, not on glorifying themselves with titles.
ReplyDeleteHe is not entitled to call himself a Professor. He is entiled to call "Emeritus Professor". A professor is a person practising research and teaching in universities. Ignorance Hmmm
ReplyDelete