ඩබල් කැබ් ගණුදෙනුව ඉතිහාසයේ දූෂිතම ගණුදෙනුවයි..


මෙරට ඉතිහාසයේ සිදුවන දැවැන්තම සහ දූෂිතම ගනුදෙනුව ඩබල් කැබ් ගනුදෙනුව බව සර්වජන බල බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

මෙම දූෂණයට කර නොගැසෙන්නැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පැවසීය.

මෙම ගනුදෙනුවට සම්බන්ධ වුණොත් විපක්ෂයටද ජනතාව හෙන ඉල්ලනු ඇති බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

Previous Post Next Post