විපක්‍ෂයේ හැමෝම එපා කිවුවොත් ආණ්ඩුවේ 159ත් වාහන එපා කියනවා.. නැත්නම් බෑ..- මාලිමා මන්ත‍්‍රී


විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සියලු දෙනාම වාහන එපා කිව්වොත් ආණ්ඩුවේ 159 දෙනාද වාහන එපා කියන්නට සූදානම් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා සඳහන් කරයි.

එම වාහන ගන්නේ මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව අනුව රජයේ දේපළක් ලෙස බවද ඔහු පැවසීය.

මන්ත්‍රී ධුර කාලය අවසානයේ ඒවා ආපසු රජයට බාර දෙන බවත් හෙතෙම සඳහන් කරයි.

විපක්ෂයේ කිසිවකුට වාහන එපා නම් විපක්ෂයේ සියලු දෙනාම වාහන ප්‍රතික්ෂේප කරන ලෙසද ඉල්ලු ඔහු එසේ කළහොත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම වාහන අතහැරීමට සූදානම් බවත් පැවසුවේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදි.

Previous Post Next Post