පසුගිය වසරේ අප්‍රේල් සිට මෙම වසරේ අප්‍රේල් දක්වා කාලසීමාව තුළදී මෙරට සෞඛ්‍ය පද්ධතියේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් විසි හතර දෙනකුගේ පමණ සේවය මෙරටට අහිමි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍යා අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින ලද තොරතුරු මත එහි කෘතික සත්කාර සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු මහතා විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව මේ බව තහවුරු වේ..
මෙම වාර්තාවට අනුව මෙරට සේවය කළ යුතු විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 3181 ක් වන අතර, මේ වන විට සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2042 ක් වෙයි.
මේ අනුව නිර්වින්දන වෛද්‍යවරුන් දෙසීයකගේ පමණ හිඟයක්ද, කායික විශේෂඥ වෛද්‍යවරුන් එකසිය පනහක පමණ හිඟයක්ද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සියයක පමණ හිඟයක් ද, නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් සියයක පමණ හිඟයක්ද, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සියයකට ආසන්න හිඟයක්ද ඇතිවී ඇත.
රට තුළ සේවය කළ යුතු අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය හැට හතරක් වන නමුත් දැනට සේවය කරන්නේ 41 දෙනෙකු බවද සඳහන්ය.
අස්ථි රෝග විශේෂඥ වෛද්‍යවරුන් හතළිස් හතර දෙනකු පමණ සේවය කළ යුතු වන අතර එම විශේෂඥ වෛද්‍යවරුන් හැට හතර දෙනකු පමණක් සේවය කිරීම විශේෂත්වයකි.
අනික් බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් අනුමත සංඛ්‍යාවට වඩා සැලකිය යුතු ලෙස අඩු සංඛ්‍යාවක් සේවය කරයි. අස්ථි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සියයකට ආසන ප්‍රමාණයක් සේවය කළ යුතු වුවත් දැනට ශ්‍රී ලංකාව තුළ සේවය කරන්නේ වෛද්‍යවරුන් 47 දෙනෙකි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ පශ්චාත් උපාධිය අධ්‍යන ආයතනය මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කොට රට තුළ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය වැඩිකර ගැනීමටත් පුහුණුව ලබන වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමටත් ප්‍රතිපත්ති සකස් විය යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
