"අපි පෙරළයි - අපි බොන්නේ" සංකල්පයට එකඟ විය හැකි වුවත් "අපි වවලයි - අපි කන්නේ" යන සංකල්පයෙන් බැහැර වීමට කාලය එළඹ ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ. ඩී. ලොල්කාන්ත පවසයි.
"අපි වවලයි - අපි කන්නේ" සංකල්පය ඇති වුයේ අප දූපත් වාසීව සිටි සමයේ වන අතර විශේෂයෙන් වෙළෙඳ පළ
ගෝලීය කරණය, ජාත්‍යන්තර ගනුදෙනු සබඳතා නොතිබූ සමයක බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් "අපි වවලුයි- අපි කන්නේ" යන සංකල්පයේ සිටින්නේ නම් මයිසූර් පරිප්පු වීමෙන්ම ඇපල් වැනි දේ පවා අපි කෑමෙන් වැළකී සිටිය යුතු යැයිද හෙතෙම පැවැසීය.
කෙසේ නමුත් වගා කරන කාරණයෙන් අපි බැහැර නොවීය යුතු බවද හෙතෙම පෙන්වා
දුන්නේය.
සහල් පිට රටින් ගෙන්වීම 2028 වසර වන විට සම්පුර්ණයෙන් නැවැත් වීමට රජය සැලසුම් කරන බවද ලාල්කාන්ත මහතා කීය.
" ජලජ සම්පතෙන් සමෘද්ධිමත් හෙටක්" යන තේමාව යටතේ ධීවර, ජලජ සහ සාගර සමීපත් අමාත්‍යාංශය සංවිධානය කළ "ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා -2025" ප්‍රදර්ශනයේදී ඔහු මේ බව පැවැසීය.
- අනුරාධා හේරත්
