සමාජ මාධ්‍ය හරහා තමන්ට එල්ල වන මඩ ගැසීමේ සහ චරිත ඝාතන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (දින) සිය අදහස් පළ කළේය.
මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයින් දැන් පාර්ලිමේන්තු යනවා වෙනුවට යූටියුබ් යන බව ඇමතිවරයා සඳහන් කළේය. ඔවුන් තමන්ගේම යූටියුබ් චැනල් කිහිපයක් සාදාගෙන තම චරිත ඝාතනය කිරීමට පටන් ගෙන ඇති බවත්, මෙය දැන් ක්‍රමයක් වී ඇති බවත් ඔහු පැවසීය.
මෙය හරියට දකුණු ඉන්දියාවේ චිත්‍රපටිවල හෝ දේශපාලන නාට්‍යවල මෙන් සැලසුම් සහගතව කරන ක්‍රියාවක් බව ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. කෙසේ වෙතත්, ඔවුන් හදන කතා පැය 24ක්වත් පණ නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම මඩ ව්‍යාපාරය ආරම්භ වූයේ තමා "කන්ටේනර් 323ක කාරණාවකට සම්බන්ධයි" යන චෝදනාව පදනම් කරගෙන බව ඇමතිවරයා පැහැදිලි කළේය. මීට හේතු වූ කතාව නම්, වරායට ගෙනැවිත් තිබූ සහල් කන්ටේනර් පහක් නිදහස් කරගැනීමට නොහැකි වූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමයි.
එම පුද්ගලයා ඉල්ලා ඇත්තේ එම හාල් කන්ටේනර් නිදහස් කරගැනීමට නොහැකි බැවින් රජයේ භාරයට ගෙන නොමිලේ ජනතාවට බෙදා දෙන ලෙසයි.
තමා මේ පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් තොරතුරු තහවුරු කරගෙන පැහැදිලි කිරීමක් කළ බව ඇමතිවරයා පැවසීය. එම කන්ටේනර් ආනයන බලපත්‍ර නොමැතිව ගෙනා ඒවා නොවන නිසා, ඒවා රාජ්‍ය සන්තක කිරීමට සිදුවන බව ඔහු එම පුද්ගලයාට පැහැදිලි කර දී ඇත. එසේ නොමිලේ බෙදා දෙනවා වුවද, ඩැමරේජ් සහ රේගු ගාස්තු වශයෙන් මිලියන 8.4ක් ගෙවීමට සිදුවන බව පැහැදිලි කර තිබේ.
මෙම පුද්ගලයාට හාල් නිදහස් කරගැනීමට නොහැකි වූ නිසා, ඔහු එය හිතාමතාම යූටියුබ් වෙත දුන්නා දැයි පරීක්ෂා කළ යුතු බව ඇමතිවරයා කියා සිටියේය. එමෙන්ම එම පුද්ගලයා එක්සත් ජාතින්ගේ සංවිධානයක නමක් සහිත ලෙටර්හෙඩ් එකක් පාවිච්චි කර ඇති බැවින්, එය නීත්‍යානුකූල දැයි පරීක්ෂා කළ යුතු බවද ඔහු පැමිණිල්ලට එක් කළේය.
ඇමතිවරයා චෝදනා කරන්නේ, තොරතුරු ව්‍යාජ ලෙස සකස් කර, තමන්ගේ හඬපට විකෘති කර, සමාජ මාධ්‍යවලට මුදා හැර ඇමතිවරයෙකු සහ මහජන නියෝජිතයෙකු ලෙස තමන්ට චරිත ඝාතනයක් සිදුකර ඇති බවයි.
හාල් ගෙනා පුද්ගලයා පිළිබඳව, තොරතුරු විකෘති කර සමාජ මාධ්‍යවලට දැමූ අය පිළිබඳව, සහ මේ හරහා තමන්ට සිදුවූ හානිය පිළිබඳව මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නතර නොවී අපහස නඩුවක් දක්වාම යන බවට ඇමතිවරයා සහතික විය. ඔහු බලාපොරොත්තු වන්නේ අදාළ පුද්ගලයින් ඉක්මනින් කැඳවා පරීක්ෂණ කටයුතු සිදුකරනු ඇතැයි කියාය.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ, තමන් අයවැය කාලයේ පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු අවස්ථාවක සහ ආයතන ගණනාවක වැඩ කටයුතු කළ යුතු අවස්ථාවක, මේ ආකාරයෙන් සී.අයි.ඩී. පැමිණිලි කිරීමට සහ නැවත තොරතුරු දීමට පැමිණීමට සිදුවීම කණගාටුදායක බවයි. මෙය තම ගමනට “කකුලෙන් අදින සලස්මක්” බවත්, චරිත ඝාතනය කර තමන්ව වට්ටන්න උත්සාහ කරන ක්‍රියාවක් බවත් ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත්, මඩ ගසා හෝ අවලාද නගා තමන්ව වට්ටන්න නොහැකි බවට ඉතිහාසය සාක්ෂි දරන බවද ඔහු ප්‍රකාශ කළේය.
විරුද්ධ පාර්ශ්වයන්ට ඇමතිවරයා කියා සිටියේ, මීට වඩා හොඳින් සාධාරණ විදියට දේශපාලනය කරන ලෙසයි. තම සැබෑ අඩුපාඩු සොයා විවේචනය කිරීම ගැටලුවක් නොවන බවත්, එවිට තමන් ඒවා හදාගන්නා බවත් ඔහු පැවසීය. එහෙත් මෙවැනි හිතාමතා සැලසුම් කර හඬ විකෘති කර මඩ ගහන ව්‍යාපාරවලින් වැළකී සිටින ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

ඝාතනය වෙන්න මූට චරිතයක් තියෙනවාද ?
ReplyDeleteචරිතයක් මූට?
Deleteපට්ට හොරු. ටයි කෝට් වලටයි රට සවාරි වලටයි ලමයින්ගේ පිටරට අධ්‍යාපනයටයි මුදල් සොයනවා
ReplyDeleteහියර් මී ලවුඩ්. අයි මයිසේල්ෆ් නොට් ෆෝල් බයි කිලින් මයි චරිත. අයි මයිසේල්ෆ් ගෝටු CID.
ReplyDelete