ජනපති-GMOA සාකච්චා අසාර්ථකයි.. වෛද්‍ය වෘත්තිය ක‍්‍රියාමාර්ග අඛණ්ඩව..


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ. 

එ් අනුව දැනට ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියා මාර්ග අඛණ්ඩව පවත්වාගෙන යාමට එම සංගමය තීරණය කර ඇත.

අයවැය තුන්වෙනි වැර කිරීමේදී තම ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී පැවසූ බවද එම සංගමය පැවසීය.

සෞඛ්‍ය සේවාවේ පවතින අඩුපාඩු සහ වෛද්‍ය වෘත්තිකයන්ට බලපා ඇති වෘත්තිමය ගැටලු සම්බන්ධයෙන් තම ඉල්ලීම් පිළිබඳව මෙවර අයවැයේදී කිසිදු සලකා බැලීමක් නොකළ බව පවසමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට රට පුරා රෝහල්වල වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටී.

1 Comments

Previous Post Next Post