බ්‍රිතාන්‍යයේ සංචාරක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එරටදී දැඩි විරෝධයක් එල් වී තිබේ.
ඒ එරට වෙසෙන එල්ටීටීඊ ආධාරකරුවන්ගෙනි.
ටිල්වින් සිල්වා මහතා ජන හමුවකට යන අවස්ථාවේ ඔහු ගමන් කල මෝටර් රථය වටලාගෙන මෙම විරෝධතාකරුවන් ඊලාම් ධජ ඔසවාගෙන ෙමම විරෝධයේ යෙදුනහ.
කෙසේ වෙතත් ප්‍රධාන ලේකම්වරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට සංවිධායකයන් කටයුතු කරන ලදී.
ටිල්වින් සිල්වා මහතා මෙම සංචාරයේ යෙදෙන්නේ ජාතික ජන බලවේගයේ ජනහමු කිහිපයක් එරටදී ඇමතීම සඳහාය.
මීට මාසයකට පමණ පෙරද ඇමති නලින්ද ජයතිස්ස මහතා ඇතුළු අමාත්වරුන් කිහිපදෙනෙකුත් කතානායකවරයාත් බ්‍රිතාන්‍ය සංචාරයක නිරත වී එරට ශ්‍රී ලාංකිකයන් ඇමතිමක්ද සිදු කළහ.

මව්බිම නෑතිනම් මරනය කියලා අද LTTE ඩයස්පොරා එක එක්ක යටින් ඩීල අද ද්‍රෝහියෙක් වගේ වෑඩ කරන ජෙප්පෝ .....
ReplyDelete