ජල බෝතලයක් වැඩි මිලට විකුණා ලක්ෂ පහක දඩයක් කයි..

පානීය ජලය බෝතල උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවිකල වෙළඳ ආයතනකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවිම ට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබේ.

නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක මහතා සදහාන් කලේ පානීය ජල බෝතල් අලෙවි කල ආයතනයක් හා සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කල වෙළෙඳුන් දෙදෙනෙකු ඇතුළු අට දෙනෙකුට එරෙහිව නුවරඑළිය මහෙස්‌ත්‍රාත් අධිකරණයේදි නඩු ගොනු කළ අතර, ඉන් වරද පිළිගත් පානීය ජලය බෝතල උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවිකල වෙළඳ ආයතනකට මෙම දඩ මුදල නියම කල බවය.

පසුගිය (29)  දින චූදිතයන් අට දෙනකුට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ දි නඩු ගොනුකල අතර, ඉන් වරද පිළිගත් චූදිතයන් අට දෙනෙක් සඳහා ගරු අධිකරණය මගින් රුපියල් හත්ලක්ෂ හතලිස් තුන්දහසක දඩ මුදලක් නියම කල බවත්, ඉන්  සහල්  උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සමිබන්ධව වෙළඳුන් දෙදෙනෙකු නෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක දඩ මුදලක් ද ගරු අධිකරණය මගින් නියම  කල බවත් ඔහු තව දුරටත් පැවසීය.

- ආර්.එෆ්.එම්.සුහෙල් 

Previous Post Next Post