කුණාටුවේදී නාය යාම් 1177ක් වුනා.. ඉතිහාසයේ සියළු නායයාම් එකතු කලත් එච්චර නෑ...

 


ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව ඒ් සමග ඇති වූ දැවැන්ත ස්වභාවික ආපදා තත්ත්වය ප්‍රමාණාත්මකව සිතා බලන විට මෙය මෙරට ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ස්වභාවික ආපදාවක් ලෙස සලකන්නට හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. 

මෙම ආපදාව ඉතිහාසයේ  දැවැන්තම ස්වභාවික ආපදාවක් හැටියට සලකන බවද ඔහු සියත රූපවාහිනී නාලිකාව සමඟ එක්වෙමින් අවධාරණය කළේය.

කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළ පරිදි, චන්ද්‍රිකා දත්ත අනුව ලබාගත් තොරතුරුවලට අනුව, පසුගිය දින කිහිපය පුරා ඉතා සුළු ප්‍රමාණයේ නාය යෑම් හැර නාය යෑම් 1177ක් වාර්තා වී තිබේ. 

මෙම සංඛ්‍යාව, මෙරට වාර්තාගත ඉතිහාසයේ සිදුවූ සියලුම නාය යෑම් එකතු කර බැලුවත්, ඊට වඩා වැඩි වීමට ඉඩ ඇති බවට ඔවුන් වාර්තා කරන බවද හෙතෙම පැවසීය.

එමෙන්ම, මහානුවර දිස්ත්‍රික්කයෙන් පමණක් එවැනි ආකාරයේ නාය යෑම් 321ක් වාර්තා වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ව්‍යසනයට හේතු වූ දැවැන්ත වර්ෂාපතනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සාමාන්‍යයෙන් වාර්ෂිකව මිලිමීටර් 2000ක පමණ වර්ෂාපතනයක් ලබන ප්‍රදේශයකට, පැය 72ක් ඇතුළතදී මිලිමීටර් 500කට ආසන්න වර්ෂා පතනයක් වැටී ඇති බවයි. මෙයින් අදහස් වන්නේ මුළු අවුරුද්දක වැස්සෙන් හතරෙන් එකක් (25%ක් පමණ) දවස් තුන හතරක් ඇතුළතදී ඇද හැලී ඇති බවයි.

මෙම ආපදා තත්ත්වය අනෙකුත් ස්වභාවික ව්‍යසනවලින් වෙනස් වන ආකාරය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, සුනාමියේදී හානියට ලක් වුනේ වෙරළබඩ දිස්ත්‍රික්ක ගණනාවක් පමණක් වුවද, මෙම ආපදාව හේතුවෙන් රටේ දිස්ත්‍රික්ක 25ක්ම හානියට පත් වූ දිස්ත්‍රික්ක ලෙස වාර්තා කර තිබෙන බවයි. රටේ ආපදාව බලනොපෑ දිස්ත්‍රික්ක ඇත්තේම නැති තරම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

6 Comments

  1. OW ITHIN

    THOPIWAGE GOBBA MUSALA NARI GON RALAK ( 159 + 1 tompachaya ) INNAKAN OHOMA THAMAI

    ReplyDelete
  2. නාය යෑම් 1177ක් වාර්තා වී තිබේ. දැන් හිතාගන්න පුළුවන්නේ සැබෑ මරණ ගණන

    ReplyDelete
  3. Moo pampori gahanava. Indiaven warning eka dunne Nov 13. Ewa ahuvanam aapadava godak adu karaganna thibuna. Munta athdakeem na.

    ReplyDelete
  4. Muge punchi Ammage pampori.
    Loku hrakam.
    Loku andu.
    Loku ugaththu.
    Ithihasema me vage ego minde minissu dakala thiyenam e jepi vahallu pamanai

    ReplyDelete
  5. What "s wrong with these so called ministers? Just keep quiet jokers because every time you all open your mouths it's so disgusting to hear way you all are lyinng .You all should be held responsible for loss of many innocent lives. Stop giving excuses man.

    ReplyDelete
  6. බොලා කියපු බොරු කන්දරාවට තමයි පොලව පැලිලා හෝදං ගියේ 😡

    ReplyDelete
Previous Post Next Post