ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ආපදා පසු ප්‍රතිසංස්කරණ සහන පැකේජය කළමනාකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා සහ ඉන්දීය නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් වෙත පැවරීමට රජය තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් උපුටමින් Sunday Times වාර්තා කර ඇත.
මෙම ඒකාබද්ධ කමිටුව මගින් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති තීරණය කිරීම, ඉන්දීය ණය පහසුකම යටතේ සිදුකරන මිලදී ගැනීම් සහ ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා අවශ්‍ය ඉන්දීය ශ්‍රමිකයන් මෙරට සේවයේ යෙදවීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනු ඇත.
අදාළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ප්‍රධාන ක්ෂේත්‍ර පහක් යටතේ ක්‍රියාත්මක වන අතර, ඒවා මාස තුනක්, මාස හයක් සහ මාස නවයක් ලෙස කාල රාමු තුනක් තුළ නිම කිරීමට අපේක්ෂිතය.
නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන සහ ප්‍රවාහන (මාර්ග හා දුම්රිය) ක්ෂේත්රවලට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ඇතුළු ඉන්දීය විශේෂඥ කණ්ඩායම් මෙරටට පැමිණීමට නියමිතය. මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ රැස්වීම් සම්බන්ධීකරණය කිරීම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා සිදු කෙරේ. එහි පළමු සාකච්ඡාව ලබන සතියේ පැවැත්වීමට නියමිත අතර, එහිදී ප්‍රමුඛතා ලබා දිය යුතු ව්‍යාපෘති ලැයිස්තුවක් හඳුනා ගැනීමට නියමිතය.
මීට අමතරව, ඉන්දියාවේ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ ආකෘතියට අනුව ශ්‍රී ලංකාවේ ද කඩිනම් ආපදා ප්‍රතිචාර බලකායක් පිහිටුවීම සඳහා ඉන්දීය රජය සහාය වීමට එකඟ වී ඇත. ඒ සඳහා අවශ්‍ය නවීන උපකරණ සහ තාක්ෂණික පුහුණුව ද ඉන්දියාව විසින් ලබා දෙනු ඇත.
මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ආධාර පැකේජය, ඩොලර් මිලියන 350ක සහනදායී ණය (Lines of Credit) සහ ඩොලර් මිලියන 100ක ප්‍රදානයන්ගෙන් (Grants) සමන්විත වේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස පසුගියදා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී මෙම සහන පැකේජය පිළිබඳව නිල වශයෙන් දැනුම් දී තිබුණි.

This is called invading 😁😁😁
ReplyDeleteShame on india
India find legal way to proceed conspiracies 😁🙂🙂🙂
ReplyDeleteIndia is at its best to play their dirty games in geopolitics inside our country using the government's political immaturity, I don't know where our people are hading. Very frightening situation
ReplyDeleteYes, it's frighting ............ not only that the Indian Officers will get involved in our internal affairs but the Workers too will settle down ........this is unprecedented ........
DeleteIndian leadership knows what India's interests are. Unfortunately Sri Lanka doesn't have such an intelligent leadership. So the blame must be directed, not towards India,but, towards inexperienced, foolish, deceiving, and self-centered leadership in Sri Lanka.
ReplyDeleteAnura did you sold out our mother land to India? Why the hell these Indian involve our government maters ? I can understand this ignorant government can't do anything right but where the hell they can involve in this way. Bloody Indian they knew Anura is a coward after he was dancing around with Modi. Anura you go home soon you have sold our sovereignty to dirty India.
ReplyDeleteThis shows how unconfident our government is? We borrow money and let Indian to tell us hoe to invest it. Oh, HE Where is your technical and diplomatic expertise and ability to invest 450 million dollars ?
ReplyDeleteසට්ටඹියනි, වහාම සේවයට වාර්තා කරවු
ReplyDelete