සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අඛණ්ඩව වසා තැබීම සහ අවශ්‍ය පරිදි ක්‍රමානුකූලව ජලය මුදා හැරීමට අපොහොසත් වීම හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම සිදුවී ඇති බවත්, එම තත්ත්වය විසින් මහනුවර නගරයම ජලයෙන් යටවී විශාල විනාශයක් සිදුවූ බවත්ය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ සඳහන් කළේය.
මෙයට පෙර කිසිදු ගංවතුර අවස්ථාවකදී මහනුවර නගරය මෙලෙස ජලයෙන් යට නොවූ බවත්, කිසිදා ජලයෙන් යට නොවූ නගරයේ ප්‍රධාන මාර්ග ගංගා තත්ත්වයට පත්වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම ඛේදවාචකය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පන්සීයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, කොත්මලේ ජලාශය එකවර විවෘත කිරීම හේතුවෙන් ගම්පොළ නගරයද ජලයෙන් යටවූ බවත් ඔහු ප්‍රකාශ කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ ආසනයකින්ම 25 ත් 30 ත් අතර සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
අධික වර්ෂාවක් ඇතිවිය හැකි බවට නොවැම්බර් 12 වන දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූ මොහොතේම ජලාශවල වාන් දොරටු පියවරෙන් පියවර විවෘත කිරීමට අවස්ථාව තිබූ බව කිරිඇල්ල මහතා අවධාරණය කළේය.
මහනුවර නගරයට හා අවට ගම්මානවලට සහන සැලසීමේ රජයේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටද ඔහු චෝදනා කළේය.
හදිසි අවස්ථාවන්හිදී ක්ෂණික තීරණ ගැනීම සඳහා පත්කර ඇති, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ කමිටුව වසරකට ආසන්න කාලයක් තිස්සේ රැස්වී නොමැති බවද හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

NPP Montessori college එකෙන් ඔයිට වැඩිය මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? ලග බලපු දුර නොදැකපු මහජනතාවට වැදුණු හොදම සාපය තමයි මේක. 69 ලක්ෂයේ චන්දය ලබා දීපු සාපය මිනුසුන්ට නැතිවෙන්න වැදුන. This is the lack of experience in NPP government. අපිට නැවත නැගිටීමක් නැත. ඔයත් සත පහකට වැඩක් නැති දේශපලුවෙක්. නුවර මහන්තත්වයෙන් හිටපු එකෙක්. JR ගේ කාලේ ඉදන් මහින්ද දක්වා කරපුවා සෝදාගෙන ගියා. උන් හොරා කෑවා කිව්වත් පාරවල් හැදුවා ඒ පාරවල් වල අපි ගියා. දැන් මොකක්ද වෙන්නෙ රටට. මුන්ගේ පණ්ඩිත කමට කරපු විනාශය පොඩි නැහැ. රටේ පළපුරුදු විද්වතුන් එකතුවෙලා ඉක්මනින්ම තීරණයක් ගන්න වෙනවා.
ReplyDeleteඅපදා කළමනාකරණ කමිටුවේ ඉන්න ඕන විද්‍යාඥයෝ, ඉංජිනේරුවෝ හමුදාව වගේ අය. දේශපාලුවෝ දන්න රෙද්දක් නෑ.
ReplyDelete21 නාමලයට කෙළවෙනකම් කකුල් මාට්ටු දාදා ඉදලා කුණාටුව ඔළුවට කඩන් වැටෙනකම් දන්නේ නැහැ, පෙර සූදානමක් නැහැ, ජලාශ සූදානම් කරේ නැද්ද,
ReplyDeleteපෙරේත කමට ජලාශ කට ගාවට පුරවන් හිටිය ද ???
දවසයි වැස්සේ ඔක්කොම ඉවරයි, එන්න තිබ්බ වැස්ස ට හරියන්න ජලාශ සූදානම් කරාද හොයන්න ඕනෑ,
වෙනදා ඒ ජලාශ spill කර විදියට මේවතවේ කරේ නැහැ, හොදම උදාහරනය මෝගහකන්ද ඇරිය ඇරිල්ලට ආසන්නයෙන් තිබ්බ අලුත් පාලම යටින් යන්න මදි වෙලා පාරෙන් පලාතක් ගලවන් ගියා, එකෙන්ම තේරෙනවා එහෙම අරින්න විදියට පාලම design කරලා නැහැ...
අනිත් ඒවත් එහෙමයි, උපන්දා ඉඳන් දන්නවා කිරිඳි ඔය අරින හැටි, මෙදා පළවෙනි දවස ඉවර වෙද්දි පහළ ගම් ඔක්කොම යටකරන් ගියා දෙපැත්තේ, ගග පුරවලා නේවි ඇරියේ, මිනිස්සු වෙනදා පුරුද්දට හිටියා අන්තිමේ ඇදී වත විතරයි...
දවස් ගානක් යවන්න ඕන වතුර දවස් දෙකෙන් යවල දොරවල් වැහුවා, ජලාශ ආයේ වහල, අඩුකරලා අත පිහිද ගන්නදෙන්න පුලුවන්ද ? පහල ගම නගර ඔක්කොම ඉවරයි, මිනිස් ජිවිත මේවා, සත්තු පවා දුක්විදිනවා මේ වැඩ වලින්...
උඩ ඉඳන් පහලට මාස් කන්නේ වැස්සට කිසි සූදානමක් තිබිලා නැහැ...
ලොකු වැස්සක් තිබුණේ නැති පැතිවල කුඹුරු ඉවරයි වතුර ගලා ජලාශවල ගංගා වල වතුරෙන්...
නාය යාම කෙටිකලකින් ලොකු වැස්සක් ආවම වීම ස්වාභාවිකයි,
හැබැයි ගංවතුර හැදුවේ කවුද සුදානමක් නැතුව ඉදලා නෙමෙයිද හොයන්න ඕන නැද්ද ?, පිරිච්ච ජලාශ තිබුනේ නැත්නම් මෙහෙම වෙන්න පුලුවන්ද ???...
වරද්දා වරද්දා දේශපාලන අධිකාරී නිලධාරී, බලධාරී ඉගෙන ගන්න එකට මෙරටේ මිනිස්සු දේපල, ජීවිත වලින් වන්දි ගෙවන්න ඕනද ?
හැබැයි ගංවතුර හැදුනේ ඉදිරියට විශාල වැසි සමයක ජලාශ කට ලගට පුරවන් හිටිය නිසා නෙවිද ? ඒ වරදට වගකියන්නේ කවුද ?...
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දාලා හොයන්න ඕනැ, ඉංජිනේරුවෝ ගෙනැල්ල ප්‍රශ්න කරන්නන ඕනෑ,
ආයේ මේක වෙන්න දෙන්න බැහැ, විදුලි බලාගාර pvt කරන්න කතා කරනවා, එහෙම කරලා කටගාවට පුරවන් profit කරන්න ඉදලා,
දරා ගන්න බැරුව එකපාර ඇරියොත් මොකද වෙන්නේ? මේකත් එහෙම දෙයක් නෙවීද හොයන්න ඕනෑ...
ජීවිතේට වැඩක් කරල නැති එවුන්, නිලධාරී බලධාරී වැරදි වැරදි ඉගෙනගන්නකම් මිනිසුන්ට ජීවිත දේපල වලින් වන්දි ගෙවන්න බැහැ...
අඩි දෙකක් අඩු කරාද නැද්ද කියල ඇහුවම වටේ යනවා, මග අරිනවා ...
නැත්නම් ආයෙත් පරිප්පුව ඊළග වතාවෙ කන්න වෙන්නේ, එකට ඉඩ දෙන්න බැහැ... 😢😢😢
මේ ජලාශ වල වතුර මට්ටම් ගැන පෝෂක ජල මාර්ග වල වතුර ඇතුල් වුණා ප්‍රමාණ ජලාශ වලින් පිට උන ප්‍රමාණ ඔක්කොම දත්ත තියෙනවා, ඒවා දවසවට කීප වතාවක් monitor කරනවා,
වැහි කාලෙට පැයේන් පැයට monitor කරනවා... මේවා වහන්න බැහැ, ලේසියෙන්ම හොයාගන්න පුළුවන්, දත්ත සටහන්, ජලාශ වල තිබ්බ මට්ටම් ගැන වාර්තා තියනවා දිනපතා, වැහි කාලෙට පැය කිපයකට සැරයක් වාර්තා තියනවා.
rocket science නෙවි...👍
දවසක් දෙකක් වැහැලා ඔය තරම් දෙයක් වෙන්න බැහැ, එහෙම නම් ඉතිහසෙත් වෙන්න ඕනැ...
නුවර යකා පාලමට උඩින් යන්න හේතුව වැස්සද නැද්ද කියලා හිතුවොත් තේරෙයි...
ඒක මනම්පිටිය, පොලොන්නරුව, මාවිල්ලාරු ට්‍රිංකෝ හරහා ගියේ කොහොමද ? නැති ප්‍රශ්නයක් නෙමෙයිද හැදුවේ, අනිත් ගංගා ත් එහෙම නෙවිද හොයන්න ඕනෑ...
මේවා හොයන්න ඕනෑමයි... ඒවගේම හෝදන්න බැරි බව හෝදන්න එන ඩොබිලා දැනගත්තොත් හොදයි...
Great comment. Thanks a lot 😊
Delete