සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අඛණ්ඩව වසා තැබීම සහ අවශ්‍ය පරිදි ක්‍රමානුකූලව ජලය මුදා හැරීමට අපොහොසත් වීම හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම සිදුවී ඇති බවත්, එම තත්ත්වය විසින් මහනුවර නගරයම ජලයෙන් යටවී විශාල විනාශයක් සිදුවූ බවත්ය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ සඳහන් කළේය.
මෙයට පෙර කිසිදු ගංවතුර අවස්ථාවකදී මහනුවර නගරය මෙලෙස ජලයෙන් යට නොවූ බවත්, කිසිදා ජලයෙන් යට නොවූ නගරයේ ප්‍රධාන මාර්ග ගංගා තත්ත්වයට පත්වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම ඛේදවාචකය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පන්සීයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, කොත්මලේ ජලාශය එකවර විවෘත කිරීම හේතුවෙන් ගම්පොළ නගරයද ජලයෙන් යටවූ බවත් ඔහු ප්‍රකාශ කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ ආසනයකින්ම 25 ත් 30 ත් අතර සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
අධික වර්ෂාවක් ඇතිවිය හැකි බවට නොවැම්බර් 12 වන දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූ මොහොතේම ජලාශවල වාන් දොරටු පියවරෙන් පියවර විවෘත කිරීමට අවස්ථාව තිබූ බව කිරිඇල්ල මහතා අවධාරණය කළේය.
මහනුවර නගරයට හා අවට ගම්මානවලට සහන සැලසීමේ රජයේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටද ඔහු චෝදනා කළේය.
හදිසි අවස්ථාවන්හිදී ක්ෂණික තීරණ ගැනීම සඳහා පත්කර ඇති, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ කමිටුව වසරකට ආසන්න කාලයක් තිස්සේ රැස්වී නොමැති බවද හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

NPP Montessori college එකෙන් ඔයිට වැඩිය මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? ලග බලපු දුර නොදැකපු මහජනතාවට වැදුණු හොදම සාපය තමයි මේක. 69 ලක්ෂයේ චන්දය ලබා දීපු සාපය මිනුසුන්ට නැතිවෙන්න වැදුන. This is the lack of experience in NPP government. අපිට නැවත නැගිටීමක් නැත. ඔයත් සත පහකට වැඩක් නැති දේශපලුවෙක්. නුවර මහන්තත්වයෙන් හිටපු එකෙක්. JR ගේ කාලේ ඉදන් මහින්ද දක්වා කරපුවා සෝදාගෙන ගියා. උන් හොරා කෑවා කිව්වත් පාරවල් හැදුවා ඒ පාරවල් වල අපි ගියා. දැන් මොකක්ද වෙන්නෙ රටට. මුන්ගේ පණ්ඩිත කමට කරපු විනාශය පොඩි නැහැ. රටේ පළපුරුදු විද්වතුන් එකතුවෙලා ඉක්මනින්ම තීරණයක් ගන්න වෙනවා.
ReplyDelete