සියයට පනහක් නැති පළාත් පාලන ආයතනවල බලය විපක්ෂයට ලබා දී වැඩ කරගෙන ගියානම් අය-වැය පරාජය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පැවසීය.
කොළඹ මහ නගර සභාවේ අය-වැය පරාජය වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරුන්ට සල්ලි දී, මන්ත්‍රීවරු තමන්ගේ සාක්කුවට දාගෙන රහස් ඡන්ද තියා බලය ගත්තට, එම බලය පවත්වාගෙන යා නොහැකි බව හෙතෙම කීවේය.
හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
අද පළාත් පාලන ආයතනවල අය-වැය එකෙන් එක පරදිනවා. රටේ මර්මස්ථානය තමයි කොළඹ මහ නගර සභාව.
කොළඹ මහ නගර සභාවේ අය-වැය අපි දැක්කා. එදා රහස් ඡන්ද තියලා දිනා ගත්තට අද අත්වුණු ඉරණම හැමෝටම දැකගන්න ලැබුණා.
දැන් පළාත් පාලන ආයතනවල අය-වැය ජයගන්නත් ආණ්ඩුවට රටේ තිබෙන අත්‍යවශ්‍ය කාරණා පවා අමතක කර භෝජන සංග්‍රහවලට යන තත්ත්වයට පත්වෙලා තිබෙනවා.
එහෙම කරලවත් අය-වැය දිනාගන්න බැරි වෙලා. දැන්වත් ආණ්ඩුව සැබෑ තත්ත්වය තේරුම් අරගෙන වැඩ කළ යුතුයි. ඉදිරියටත් පළාත් පාලන ආයතනවල අය-වැය පරාජය වෙන එක වළක්වන්න බැහැ.
නුවන් කොඩිකාර

Wahama palathpalana panata sansodana karanna
ReplyDeleteඒ මොකටද?
Delete