මාතලේ දිස්ත්‍රික්කයේ තිබූ කිසිම ආපදා කළමනාකරණ කමිටුවකට තමාට ආරාධනා නොකිරීම ගැන විරෝධය පළ කරබව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පැවසුවාය.
ඒ සමඟ කමිටුව උණුසුම්කාරී තත්ත්වයක් ගත් අතර, ඇය එහිදී වැඩිදුරටත් මෙසේද කීවාය.
දිට්වා සුළි කුණාටුව හා ආපදා තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ රැස්වූ කිසිදු ආපදා කළමනාකරණ රැස්වීමකට මට ආරාධනා නොකිරීම ගැන කනගාටු වෙනවා.
ඊට විරෝධය ප්‍රකාශ කරන අතර ඉදිරියේදී හෝ එම කමිටුවලට සහභාගි වීමට අයිතියක් තිබෙනවා. ඒ නිසා මට ආරාධනා කිරීමට යෝජනා කරනවා.
“බුද්ධ ශාසන”” ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලට ආරාධනා කරන සියලු දෙනාට ආපදා කළමනාකරණ කමිටු සඳහා සහභාගි වීමට හැකි බවත් ඒ සඳහා ආරාධනා කළ යුත්තේ ප්‍රාදේශීය ලේකම්වරුන් බවත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා ප්‍රකාශ කර සිටියේ තමා සහභාගි වූ අඹන්ගඟ හා ලග්ගල ආපදා කළමනාකරණ කමිටු සඳහා සහභාගි වූ සජබ සභාපතිවරුන් දෙදෙනාම ප්‍රධාන වේදිකාවේ තබා ගනිමින් කටයුතු කළ බවත් ඔබතුමිය මෙසේ ප්‍රකාශ කිරීමෙන් සමාජයට වෙනත් අදහසක් යන බවත්ය.
සම්බන්ධීකරණ කමිටු සම සභාපති බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික නි: ඇමැති ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ මින් ඉදිරියට පැවැත්වෙන ආපදා කළමනාකරණ කමිටු රැස්වීම්වලට පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියටද ආරාධනා කිරීමට කටයුතු කරන ලෙසයි.
– සිරි අබයසිරි
