දිට්වා ආධාර දරුණු පසුබෑමක.. හානිය ඩොලර් මිලියන 6500යි.. ආධාර 11යි.. සුනාමි හානිය 1500යි.. ආධාර 1300යි..


පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී අද පල කල අදහස් මෙහි දැක්වෙයි.

 සමාජ මාධ්‍යවල තොරතුරු පැතිරෙන විධියට සුළි සුළඟෙන් වැසි ලැබුණාටත් වඩා ජනාධිපතිගේ පිනෙන් විදෙස් ආධාර ලැබිලා. නමුත් තිත්ත ඇත්ත නම් ප්‍රතිසංස්කරණ වියදම් ඇස්තමේන්තුවෙන් විදේශාධාර ලෙස තවමත් ලැබිලා තිබෙන්නේ 0.17%යි.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළ විධියට දිත්වා කුනාටුව සිදු කළ විනාශය ප්‍රතිසංස්කරණය කිරීමට ඩොලර් බිලියන 6ක් සහ 7ක් අතර ගණනක් යාවි.  අපි ඩොලර් බිලියන 6.5ක් කියමු.  භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කරන විධියට දෙස් විදෙස් සියළු ආධාර දෙසැම්බර් 13 දිනට ලැබිලා තිබුණේ ඩොලර් මිලියන 11යි.  අපි දෙස් විදෙස් ආධාර කියන එක අමතක කරලා මේ සියල්ලම විදේශාධාර කියලා ගත්තොත් විදේශාධාර ඩොලර් මිලියන 11යි.  එතකොට ප්‍රතිසංස්කරණ වියදම ඩොලර් මිලියන 6,500ක් වුණත් ඇත්තටම ලැබිලා තිබෙන්නේ ඒකෙන් 0.17%යි.

මේ තත්වය අපි සංසන්දනය කරමු සුනාමි ආපදාවේ දී අපේ රටට ලැබුණු ආධාර එක්ක.  2004 සුනාමි ආපදාවෙන් සිදු වුණු විනාශය ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම ලෙස ඇස්තමේන්තු කලේ ඩොලර් බිලියන 1.5යි.  එයින් ඩොලර් බිලියන 1.3ක් විදේශාධාර විධියට ලැබුණා.  ඒ කියන්නේ ඇස්තමේන්තුවෙන් 87%ක් විදේශාධාර ලෙස ලැබෙනවා.  නමුත් දැන් ලැබෙන්නේ 0.17%යි.  මේක එසේ මෙසේ පල්ලම් බැසිල්ලක් නොවේ. බරපතල පල්ලම් බැසිල්ලක්.  විදේශාධාර නායයෑම කඳුකරය නායයෑමටත් වඩා දරුණුව සිද්ධ වෙලා කියලා මේකෙන් පේනවා.

එදා විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා.  මෙදා විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ පුනරුත්පත්තිය ලෙස වටගල ඇමතිතුමා කියූ විජිත හේරත් මැතිතුමා.  හැබැයි දෙන්නාගේ හැසිරීම නම් අහසයි පොලවයි වගේ වෙනස්.  එදා විදේශ ඇමතිතුමා ලෝක ප්‍රජාවගෙන් පෞද්ගලිකවම කතා කරලා උදව් ඉල්ලුවා.  ලෝක ප්‍රජාව තුල කම්පනයක් ප්‍රකම්පනයක් ඇති කරන්න ජාත්‍යන්තර මාධ්‍ය වලට ලංකාවට ඇවිත් විපත පිළිබඳ ආවරණය කරන්න කියා ඉල්ලුවා. විජිත හේරත් මැතිතුමා ප්‍රකම්පනයක් කියන එක දන්නවද කියලත් අපිට සාධාරන සැකයක් ඇතිවෙනා.ව  එහි ප්‍රතිඵලයක් විධියට සමස්ත ප්‍රතිසංස්කරණ වියදමෙන් 87%ක් විදේශාධාර විධියට ලැබුණා.

අපි ලිඛිතව ඉල්ලීම් කරලත් ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳෙව්වේ නෑ. මේ විනාශයේ බරපතලකම ජාත්‍යන්තර මාධ්‍ය හරහා ලෝකයට පෙන්වා ලෝක ප්‍රජාව තුල කම්පනයක්,  ඇති කලෙත් නෑ.  එහි ප්‍රතිඵලය වුණේ වියදම් ඇස්තමේන්තුවෙන් 1%ක්වත් විදේශාධාර ලෙස සොයා ගන්න මේ ආණ්ඩුව අසමත් වීමයි.  පසුගිය වසර කිහිපය තුල සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ලංකාව සමත් වුණු නිසා ලංකාව ගැන ලෝක ප්‍රජාවේ වෙන කවදාවත් නොතිබුණු උනන්දුවක් තිබෙනවා.  කදිරගාමර්ලා වෙනුවට වැඩ බැරි ගාමර්ලා රටේ පාලනය භාරගෙන සිටින නිසායි විදෙස් ආධාර බරපතල නායයෑමකට ලක් වුනේ.

දැන් ඔන්න ප්‍රශ්නයක් මතු වෙනවා.  ඇත්තටම ප්‍රතිසංස්කරණ වියදම් ඇස්තමේන්තුවෙන් 1%ක්වත් විදේශාධාර ලෙස ලැබිලා නැතිනම් මේ දවස්වල ප්‍රවෘත්ති වලට පෙන්වන ගුවන් යානා වලින් ගොඩ බාන බඩු මොනවාද?  ඇත්තෙන්ම ආපදාවක දී මුල් අවස්ථාවේ දී ලැබෙන්නේ සහන ආධාර නැතිනම් රිලීෆ් ඒඩ්ස්.  ප්‍රතිසංස්කරණ ආධාර ලැබෙන්නේ ඊට පසුව.  සහන ආධාර කියන්නේ වින්දිතයින් මුදවා ගැනීමේ මෙහෙයුම්, මුදවා ගැනීමට අවශ්‍ය උපකරණ, ඖෂධ, ඇඳුම් සහ ආහාර වැනි දේවල් ලබා දීමයි.  සහනාධාර ලෙස ලැබෙන ආධාර පවා සුනාමියේ දී ලැබුණු ආධාර වලට වඩා ගොඩක් අඩුයි.  උදාහරණයක් ගත්තොත් සහනාධාර ලෙස සුනාමි වෙලාවේ චීනය යුආන් මිලියන 50ක් වටිනා භාණ්ඩ එව්වා.  නමුත් සුළිසුළං ආපදාවට එව්වේ යුආන් මිලියන 10ක් වටිනා භාණ්ඩයි.  ඒ වගේම ඇමෙරිකාවත් සුනාමිය වෙලාවේ ඩොලර් මිලියන 134ක ආධාර ලබා දුන්නත් සුළිසුළං ආපදාවට ලබා දුන්නේ ඩොලර් මිලියන 2 ආධාර පමණයි.

එහෙම බැලුම ඇමරිකාවත් චීනයත් කියන ලෝක බලවතුන් දෙන්නම ලංකාව අත් හැරලා, ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ලංකාව ජාත්‍යාන්තර අනාතයෙක් වෙලයි කියලයි මේ තොරතුරු වලින් කියවෙන්නේ.



1 Comments

  1. පහුගිය කාලයේ එකෙක් හිටියා නේද හලෝ මචං අපිට මේ විදිහට කරලා දීපන් කියලා කියන්න පුලුවන් කියපපු එකෙක්. ඌ මැරිලද ?

    ReplyDelete
Previous Post Next Post