මහනුවරට බොන්න වතුර නෑ.. පොම්පාගාර කැඩිලා.. ජල බෝතල් ඩබල් කර විකුණති..

 


මහනුවරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සිදු වූ ගංවතුර තත්වය නිසා මහනුවර නගරයට ජලය බෙදාහරින ගැටඹේ ජල පොම්පාගාරයට සිදු වූ දැඩි හානිය නිසා, පානීය නළ ජලය බෙදාහැරීම මුළුමනින්ම අකර්මණ්‍ය වී ඇතැයි, මහනුවර මහ නගර සභාවේ නාගරික ජල කර්මාන්ත අංශයේ නිලධාරියෙක් පැවැසුවේය.

එම නිලධාරියා වැඩිදුරටත් පැවැසුවේ, ගැටඹේ ජල පොම්පාගාරය අලුත්වැඩියා කරන තෙක් නගරයේ ජල බෙදාහැරීම තව දින කිහිපයක් යන තුරු යථා තත්වයට පත් කිරීමට නොහැකි බවයි.

මහනුවර ජාතික රෝහලට අවශ්‍ය පානීය ජලය ද නොමැතිකමින් රෝගීන් රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවකට මුහුණ දී ඇත. මහනුවර ජාතික රෝහලට අවශ්‍ය පානීය ජල බෝතල් අඛණ්ඩව ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන්ට දන්වා තිබෙන බව, මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය රවීන්ද්‍ර වැලිවිට මහතා කීය.

එයට අමතරව පෞද්ගලික ආයතන කිහිපයක් මහනුවර ජාතික රෝහලට අවශ්‍ය පානීය ජල බෝතල් දෙන බවට තමන්ට දැනුම් දී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

මහනුවර නගරයේ උග්‍ර ලෙස පානීය ජල බෝතල් හිඟයක් පවතින අතර, ඇතැම් කුඨ වෙළෙඳුන් රුපියල් 35ක් වන පානීය ජල බෝතලය රුපියල් 100ක් වැනි මිලකට අලෙවි කරන බව ද මහජනතාව චෝදනා කරති.

ජේ.ඒ.එල්. ජයසිංහ

4 Comments

  1. මිනුසුන්ට වැරදුනාම හොදයි කියනවා නෙමෙයි, හැබැයි මහනුවර එවුන්ගෙ අලි ඔලුව. සෑහෙන ප්‍රතිසතයකින් NPP දිනවන්නත් ඇතිනෙ. කෑවනම් කටුසු මාළු විදවපන් බළලෝ

    ReplyDelete
    Replies
    1. මහනුවර හැම එකා මීහරක් නෙවෙයි යාළුවා.අපි මේ පරයන්ට කවදාවත් ජන්දය දුන්නෙ නැහැ.68 ලක්ෂෙම මහනුවර විතරක් නෙමෙයි නේද?

      Delete
  2. වැඩ හොඳටම බෙල්ල මුලටම අනාගෙන නා ගෙන ඇති බව හොඳින්ම පැහැදිලියි.
    කිසිම ඉදිරි පැහැදිලි වැඩපිළිවෙලක් නැති බවද හොඳින්ම පැහැදිලියි. කිසිම ඒකාබද්ධ සහයෝගීතා වැඩපිළිවෙලක් නොමැති බව තහවුරුයි. මේ ඔක්කොම අස්සේ මරිමෝඩ රජයේ පාක්ෂික සමාජ මාද්‍ය මෝඩ රැල කියන කරන දේවල් වලින් තව තවත් රජය අපහසුතාවයට පත් වන අතර මහ ජනතාව අතර වත්මන් රජය අප්පිරියාවට සහ ඔක්කාරයට භාජනය වෙමින් පවතී

    ReplyDelete
  3. කාටහරි කෙලවෙනකම් බලාගෙන ඉඳල සතුටු වෙන අය කොහෙත් ඉන්නව.

    ReplyDelete
Previous Post Next Post