නිවාස සංකල්පය වෙනස් කිරීම සඳහා නව නිවාස සැලසුමකට යෑමට තිබූ බාධාවන් ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉවත්වී ඇති බවත්, එය නව සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ලැබුණු ආශිර්වාදයක් බවත් නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් රජය අපේක්ෂාවෙන් සිටියේ රටේ නිවාස සංකල්පය වෙනස් කිරීමට වුවද, තනි තනි නිවාස ඉදි කරමින් විසිරී තිබෙන ක්‍රමය ඊට බාධාවක්ව පැවති බවයි.
කෙසේ වෙතත්, මෙම ගංවතුර තත්ත්වය නව නිවාස සැලසුමකට යෑමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කර දීමට උදව් වී ඇතැයි ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අහිමි වූ ජීවිතයක් හැරෙන්නට, අන් සියලු දේම පෙර තිබූ තත්ත්වයට වඩා හොඳින් ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවයි.
ජීවිතයක් අහිමි වූවා නම් එය පමණක් නැවත ලබා දීමට නොහැකි බවත්, අනිත් හැම දෙයක්ම තිබුනට වඩා හොඳින් ලබා දෙන්නට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
ගංවතුර තත්ත්වය නව නිවාස සැලසුමකට යෑමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඇති බැවින්, එම නව සැලසුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

Typical jvp mentality. They don't care about people. Even now they are trying to do their selfish politics over dead bodies.
ReplyDeleteමිනිස්සු ඔයිට වඩා මැරුණත් ජෙප්පන්ට ගානක් නෑ. 71… 88/89 මෙන්ටැලිටි එක තමයි උන්ගෙ බ්‍රෑන්ඩ් එක
ReplyDelete