සපුගස්කන්දේ දෙනිමල්ල ප්‍රදේශයේදී අද (11) රාත්‍රී 7.45 ට පමණ හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථයක් රිය අනතුරකට ලක්ව ඇත.
මන්ත්‍රීවරයාගේ විසින් පැදවූ ජීප් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ මරුටි වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරට පත් මෝටර් රථයේ සිට තුවාල ලැබූ කාන්තාවක් කිරිබත්ගොඩ රෝහලටත්, කුඩා දරුවා විශේෂ ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර ඇත.
ජීප් රථය ධාවනය කළ මන්ත්‍රී අශෝක රන්වල මහතාද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත ඇතුළත් කර ඇත.
ජීප් රථය සහ මරුටි මෝටර් රථය මෙන්ම, අනතුරට සම්බන්ධ වූ තවත් යතුරුපැදියක් ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.

ජෙප්පෝ අපේ රට වනසනවා...............................
ReplyDeleteහොරාචාර්යාට උපාධිත් නෑ. ඩ්‍රයිවින් ලයිසනුත් නෑ.
ReplyDeleteමෙයාට වාහන පදවන්නත් බැහැනේ.
ReplyDeleteආචාර්ය තුමා හීනියට අඩියක් දාල ඉන්න ඇති. නැත්නම් මරුටියෙ හැපිල ජීප් එකේ ගිය එයාට තුවාල වෙන්න බැහැ නේද😁
ReplyDelete