ආපදා තත්ත්වයෙන් පසු විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම අරමුණු කරගෙන අරමුදල් සම්පාදනය කර ගැනීමට රාජ්‍ය - පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
ඒඅනුව සියලුදෙනා දාය කර ගනිමින් අරමුදලක් ස්ථාපිත කිරීමටත්, අරමුදල කළමනාකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය සහිත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයෙන්ද සමන්විත ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත් කිරීමටත් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල විනාශයක් ගංවතුර සහ නායයාම් හේතුවෙන් රටට සිදුව ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, භාණ්ඩාගාර මුදල්වලින් පමණක් එම ව්‍යසනයට මුහුණ දිය නොහැකි බවද පෙන්වා දුන්නේය.
මේ සඳහා ආකාර කිහිපයකින් අරමුදල් සම්පාදනය කරගත හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශීයව, විදේශගත ශ්‍රී ලාංකිකයන් මගින්, විදෙස් රටවලින්, ජාත්‍යන්තර සංවිධානවලින් මෙන්ම ව්‍යාපාරික සංගම් මගින් එම අරමුදල් සම්පාදනය කර ගැනීමට හැකියාව තිබෙන බවත්, එම කාර්යයන් මූලික වශයෙන් පත් කර ගන්නා ලද කමිටුවට පැවරෙන බවත් සඳහන් කළේය.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස, කුඹුරු, වගාබිම්, මහාමාර්ග, පාලම්, රජයේ ගොඩනැගිලි පාසල් සහ ඇතැම් ස්ථානවල විදුලි කණු පවා බිද වැටී තිබෙන බවත්, නාය යාම් නිසා විනාශ වූ මාර්ග පද්ධතිය විශාල ප්රතිසංස්කරණයකට ලක් කළ යුතුව තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඒ අනුව ආපදාවෙන් ඒ ඒ ක්ෂේත්රවලට සිදුව ඇති හානිය සහ නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ලේඛනයක් සැකසීමට රජය ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර ඇති අතර, ලෝක බැංකුව වෙත දැනටමත් Global Rapid post-disaster Damage Estimation (GRADE) සකස් කිරිමට බාර දී තිබේ. ඒ අනුව Global Rapid post-disaster Damage Estimation සති දෙකක් වැනි කාලයක් ඇතුළත ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ට ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණවර්ධන, හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ජොන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, එයිට්කන් ස්පෙන්ස් නියෝජනය කරමින් ආචාර්ය පරාක්‍රම දිසානායක, බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ ස්වභාවික වියසන නෙවෙයි. මුන්ගේ තියන නොතේරුම් කමට සිදුවෙච්ච විනාසයක්. රට කෑවා. අනිත් එවුන්ට හොරු කිය කිය මුන් කලේ මහ විනාසයක්.දැන් බයිලා කියන්නෙ
ReplyDeleteDo NOT buy 2,000 double cabs (10 per MP) -suck it!
Deleteලක්ෂ 3,000ක් වැයකර පැවැත්වීමට සූදානම්, ඊනියා ශ්‍රී ලාංකික දිනය අහෝසිකරනු!
Deleteජේතවනාරාමයේ කුණු පිරවීමට යෝජනාකරන උන්මත්තක ගැහැනියකගේ සංකල්ප අනුව සංහිඳියාව ඇතිකල හැකිද?
--ජොලී චොං--
Gonkam saha boru kimeee simawak netha. Thopi thamai rata winasa kale hemadaama kisima wedak karanna noodi strike karala udgosana karala.. Banku poth wala kooti ganan salli. Kiuwe hil jangi adinne anungen kaala jeewath wenne kiyala
ReplyDeleteමුන් කරනකොට විනාශය ලොකුයි ? අනිත් ආණ්ඩු කරන කොට ආපු ස්වභාවික විහසයන පොඩියි. මුන් හිතන් ඉන්නෙ මුන්ගෙ මොලේ තරම තමයි මහජනයගෙත් කියල. කාලකන්නි
ReplyDeleteමුන් කරනකොට විනාශය ලොකුයි ? අනිත් ආණ්ඩු කරන කොට ආපු ස්වභාවික විහසයන පොඩියි. මුන් හිතන් ඉන්නෙ මුන්ගෙ මොලේ තරම තමයි මහජනයගෙත් කියල. කාලකන්නි
ReplyDeleteපැහැදිලිවම කල් තබා ලබාදුන් කාළගුණ විද්‍යා තොරතුරු අනුව සුදානම් උනානම් මෙවන් විශාල විනාශයක් නොවී වලක්වා ගත හැකිව තිබුනාය යන්න ඉතාමත් තහවුරුයි. තනිකර නොසැලකිල්ල සහ වැඩ බැරි කම බව පැහැදිලියි
ReplyDeleteOne should understand that no government could control the magnitude of a natural disaster of this magnitude. Damage is worser than the Tsunami 2004. Although, some preventive actions would have been taken by multisectoral involment this was an act of God. Only Damage mitigation and rectifications are now possible. Post effects of the disaster should be now investigated and preparations should be done without party politics.
ReplyDeleteOne should also understand that the government must take necessary steps to minimize the magnitude of a natural disaster. It should have worked to create centers for people to evacuate, mange food and medical supplies and more. Above all the government must have informed the people who were going to be affected. This dirty , stupid, ignorant government did none of those. Instead AKD had time to meet Gonja, put hands around him and take pictures. Disgusting man.
ReplyDeleteAgree with you. I said the least.
DeleteAi Paksha aramudale nadda salli, labuna ewa ara cab genne ekeath stop kelam hari ne
ReplyDeletepelawatte thorpe bankuwen eka bath packet ekak Aran dunnada kalakanni....Anika thopi kiwwe mahajana aramudal denna epaa kiyalaa
ReplyDelete