ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මීමුරේ ප්‍රදේශයේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වෙත ලිඛිතව දන්වා සිටියි.
කිලෝමීටර් 37ක් පමණ දිග හුන්නස්ගිරිය - මීමුරේ ප්‍රධාන මාර්ගය ස්ථාන ගණනාවකින් අවහිර වී ඇති අතර , එය පිළිසකර කිරීමට දීර්ඝ කාලයක් ගත වන බව අනාවරණය වී ඇත. මෙම මාර්ගය අවහිර වීම නිසා ග්‍රාම නිලධාරී වසම් 5ක් පමණ මීමුරේ ප්‍රදේශයේ කොටු වී ඇති බව වාර්තා වේ.
මාර්ගය අවහිර වීම හේතුවෙන් එම ප්‍රදේශය සමඟ තිබූ සියලුම සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටී ඇත. දැනට එම ප්‍රදේශය වෙත වියළි ආහාර සැපයීම සිදු කරනු ලබන්නේ ගුවණින් පමණක් වන අතර , එමඟින් ප්‍රමාණවත් තරම් ආහාර සැපයීම ගැටළුවක් වී තිබේ. තවද, හදිසි අවස්ථාවකදී රෝගීන් අදාළ රෝහල් කරා ගෙන යාමට හැකියාවක් නොමැති අතර, අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සැපැයුම් දාමද බිඳ වැටී ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී , දුර ගෙවා පාගමනින් පැමිණි ගම්වැසියන් මෙම ගැටලුව ඉදිරිපත් කර ඇත.
ජනතාව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ තෙල්දෙණිය - තංගප්පුව මාර්ගය හරහා අට්ටාලවෙට්ටුවට, නකල්ස් රක්ෂිතය හරහා එක්දහස් නවසිය ගණන්වල සිට පවතින පැරණි බොරළු මාර්ගය විවෘත කර දෙන ලෙසයි.
මෙම මාර්ගය විවෘත කර දෙන්නේ නම්, හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා මාර්ගය සකස් කරන තෙක් එය විකල්ප මාර්ගයක් වශයෙන් භාවිතා කළ හැකි බවට ඔවුහු පෙන්වා දී ඇත.
මෙම විකල්ප මාර්ගය විවෘත කිරීමේදී පරිසර සංවේදී නකල්ස් රක්ෂිතයට කිසිදු හානියක් නොවන පරිදි , තෙල්දෙණියේ සිට මීමුරේ දක්වා විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීමට පොලීසියට හා යුධ හමුදාවට හැකියාවක් පවතින බව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ප්‍රකාශ වී ඇත.
දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා විසින් , තංගප්පුවේ සිට අට්ටාලවෙට්ටුවට නකල්ස් රක්ෂිතය හරහා වැටී ඇති මාර්ගය විවෘත කිරීමට කටයුතු කරන ලෙස වන සංරක්ෂක ජනරාල් වෙත දැනුම් දීමට කටයුතු කර දෙන මෙන් ඉල්ලා සිටී.
මෙම මාර්ගය විවෘත කර ගැනීමට නොහැකි වුවහොත් ප්‍රදේශයේ ජන ජීවිතය අඩාල වී ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කරයි.
මෙම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, මැදදුම්බර/උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් සහ තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙත යොමු කර ඇත

ජෙප්පෝ අපේ රට වනසනවා.........................
ReplyDeleteKnuckles wansanne nathuwa paara hadanakan inna kiyapiya.
ReplyDeleteMeemureta issra paarawal thibune ne. Adi paare payi thmayi giye
Jeppo did you get permission from DEVANI SISTER ? She is going to shoot you all man . Has she left from this country ? Where is she now ? Is she on drugs now ? because she was really upset with previous government . Tell her to come out now save this from you jeppos.
ReplyDelete