සමන්තගේ පොලු පාඩම රටම ඉගෙන ගනී.. කදු පැලුනු තැන්වලට පස් දමා ලී වලින් කොටයි..


ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙදළසැල් 7ක් නායයෑමේ අවදානමක් නිසා (19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරිමට පියවර ගත් බව බව පුස්සැල්ලාව පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

එම වෙළදසැල් එක් වරම පිපිරී ඉරි තැලීම හේතුවෙන් මෙම වෙදළසැල් වසා දැමීමට පියවර ගත් බවත්, පවතින ආපදා තත්ත්වය පිළිබඳ පුස්සැල්ලාව පොලිසිය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් වෙළදැල් හිමියන් සහ ජනතාව දැනුවත් කිරීමද පියවර ගැනින.

අයහපත් කාලගුණය නිසා පුස්සැල්ලාව නගරයට ආසන්නයේ පිහිටි සෙන්කුවාරි වත්තේ උඩ කොටස කදු පන්තියේ පොළොව ඉරිතලා පුපුරා ගොස් නාය යෑමේ අවදානමකට ලක්වී තිබුණි.

පුස්සැල්ලාව නගරයට පහළින් පිහිටි පුස්සැල්ලාව පල්ලේගම වසමෙහි මෙවැන්ම ආකාරයට පුපුරා ඉරි තලා තිබූ ස්ථාන කිහිපයක් ප්‍රදේශවාසීන්, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී සහ ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා එක්ව පස් යොදා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්තක්ද (18) දින සිදු කෙරිණ.

- රංජිත් රාජපක්ෂ              

5 Comments

  1. අනේ අම්මප මෙහෙම මී හරක් ටිකක්.ග්‍රාම නිලධාරී සංවර්ධන නිලධාරී කියන්නේ ඊට එහා බූරුවො ටිකක්

    ReplyDelete
    Replies
    1. උගන්ඩාවෙ සල්ලි හංගලා තියෙනවා කියපුවා විශ්වාස කරපු, රත්තරං අස්පයෝ විශ්වාස කරපු, රටේ සංචිත ඩොලර් බිලියන 3.5ක් තියෙද්දී ඩොලර් බිලියන 19ක් හොරකම් කරා කියපු එක විශ්වාස කරපු ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු, දොස්තරලා ඉන්නකොට, ගමේ දළු කඩන මිනිස්සු ගැන කවර කතාද.

      Delete
  2. This is scientific way.
    We can reduce the damage temporarily..

    ReplyDelete
    Replies
    1. Under what theory? What is your experience in this field? How many people have successfully applied this remedy

      Delete
  3. මේක තනිකරම ෆෝටෝ ෂූට් එකක්

    ReplyDelete
Previous Post Next Post