පොළොන්නරුවට බලපෑ මහගංවතුරෙන් ගොවිජනපද රැසකට ජලය සැපයූ, ඇලහැර අමුණද විනාශයට පත් විය.
පසුගිය කාලය පුරා මෙහි පිලිසකර කිරීම් නොකඩවා ක්‍රියාත්මක කෙරුණු අතර අමුණ සම්පූර්ණයෙන්ම පිළිසකර කිරීමට හැකිව තිබේ.
අඹන්ගග හරහා ඉදිකර ඇති ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය සඳහා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, ගොවිජනපද ව්‍යාපාර නියෝජිතයන් ඇතුළු ගොවිජනතාවද මහත් වෙහෙසක් දැරෑහ.
නොවැම්බර් මස 27 වනදා මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ලෝක උරුම ඇලහැර අමුණේ පස් බැම්ම විනාශයට ලක් වූ අතර ඇලහැර , ගිරිතලේ , මින්නේරිය , කවුඩුල්ල , කන්තලේ යන ගොවි ව්‍යාපාරවලට යෝධ ඇල ඔස්සේ ජලය ලබා ගැනීමය නොහැකි විය.
පසුව දෙසැම්බර් 02 බිදී ගිය පස් බැම්ම තාවකාලිකව වැලි කොට්ටවලින් ඉදිකිරීමට පියවර ගැනීමත් සමඟ මේ වන විට තාවකාලික බැම්මේ වැඩ කටයුතු අවසන් කර ඇත.
අද උදෑසන යෝධ ඇලට දියවර නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර ආගමානුකූලව පිරිත් සජ්ජායනය කර දියවර නිකුත් කිරීම නිවාස නි.අමාත්‍ය ටී.බී.සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
මේ අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා, යුධ හමුදා උසස් නිලධාරීන් , මහවැලි අධිකාරියේ නිලධාරීන් , ඇලහැර ප්‍රාදේශීය ලේකම්තුමිය , ඇලහැර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු මහා සංඝරත්නය ඇතුලුව ගොවි මහත්ම මහත්මීන් එක් විය.

බොරුවට පිරිත් කියලා මේ රටේ 68 ලක්ෂ යේ මෝඩ ජනතාව රැවටුවට දේවීයන් රැවටන්න බෑ. .වැලි කොට්ට බොහොම කෙ ටි කාලීන විසදුමක්
ReplyDeleteමෙවාගෙ දේ වලට උපදෙස් දුන්නු අයට පු කෙන් දුම් පිට වෙවි බොහොම ඉක්මනින්
ReplyDeleteමේවා ඝන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පොලිතින් බෑග්. සීල් වෙලා නෑ. ඊළඟ වැස්සෙන් වතුර පිරිලා වැලි හෝදගෙන යයි නෙ. ඊට වැඩිය හොඳයි හාල් මොලකින් හාල් බෑග් ඉල්ලගෙන පුරවල කට මැහුවනම්.
ReplyDeleteමේකෙ වැදගත් අයගෙ නම් ගරුසෙඋවක් නැතුව දමලා තියෙන්නෙ. ගරු පොලොන්නරුව රාජ්‍ය නායක තැන්පත් යුව රජු ටී.බී. සරත්තුමානෝ කියලා ලියන්න බැරිද?
ReplyDeleteගරුසරුවක්. වැරදුනා.
Delete