නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, වලපනේ, නිල්දණ්ඩාහින්න සහ මතුරට ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල ප්‍රදේශ වලට පිවිසීමට මාර්ග තව දුරටත් අවහිර වී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය පවසයි.
දිස්ත්‍රික්
ලේකම්වරිය ඒ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය
හමුවකට අදහස් දක්වමිනි.
මෙහිදි
වැඩි දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ,
“නුවරඑලියේ මේ වන විට කාලගුණය යහපත් අන්දමින් පවතිනවා. නමුත් තව දුරටත්
ලගා විය නොහැකි ස්ථෘනත් පවතිනවා. ඒ වුනත් ප්‍රධාන මාර්ගයන්වල මහියංගණ, වලපනේ, රාගල
නුවරඑලිය දක්වා මාර්ගය දැන් වාහන ධාවන තත්වයට පවතිනවා. ඒ ඔස්සේ අපි ආපදාවට පත්
වූවන් සදහා සහන ලබා දීමේ වැඩ පිලිවෙළක් ක්‍රියාත්මක වෙනවා.
ඒත්
එක්කම අපි මුලින්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන ගෑස් ගෙන ඒම සදහා මුලින්ම
ගමනා ගසනය ආරම්භ කිරිමට සැලසුම් කලේ. නුවරඑලිය හැටන් මාර්ගය ඒ මගින් හැටන් බලංගොඩ
පැත්තෙන් කොළඹ දක්වා මුලින්ම පාරවල් විවෘත වුණා. නමුත් මේ වන විට නුවරඑලිය නානුඔය
හැටන් ගිනිගත්හේන කොළඹ පාරත්, මහනුවර පාරත් විවෘත වෙලා තියනවා.
ඒ
නිසා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒමට බාධාවක් නෑ. නමුත් තව දුරටත් මිනිස්සු වෙත ලගා
විය නොහැකි ඇතුල් පාරවල්වල තියන ඒවා සුද්ධ කරගෙන යාමේ කටයුතු මේ වන විටත් RDA
එක මගින් සිදු කරනවා. ඒ සදහා අපිට යුධ හමුදා කණ්ඩවල, ගුවන් හමුදා
කණ්ඩවල සහය ලැබී තියනවා.
තවදුරටත්
යානොහැකි තැන්වලටත් කොත්මලේ නැගෙනහිර, වලපනේ නිල්දණ්ඩාහින්න සහ මතුරට ප්‍රාදේශිය
ලේකම් කාර්යාලවල ගුවන් මාර්ගයෙනුත් මේ දින තුන පුරාවට ද්‍රව්‍ය රැගෙන යාම සිද්ධ
කරනවා.
ඒත්
සමගම අවශ්‍ය ඖෂධ වර්ගත් ලබා දිමට කටයුතු කරනවා. (03) දිනයේ කොත්මලේ ප්‍රදේශයේ ජනග්‍රහණය
වැඩි නිසා සහ විශාල හානියක් වෙලා තියන නිසා (02) දිනයේ ආපු සතොස ලොරියේ ඇති ඒ අත්‍යාවශ්‍ය
භාණ්ඩ නාවික හමුදා බෝට්ටුවක් මගින් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඒ අවතැන්
වූවන් වෙත ලබා දීමටත් මේ වන විටත් කටයුතු කරනවා. බෝට්ටුවට දාන්න පුළුවන් පොඩි ප්‍රමාණයක්
ඒක එක පාරකට ගිහිල්ලා එන්න පැය එකහමාරක් විතර ගත වෙනවා.
කෙසේ
වෙතත් මේ වන විට හැමතැනකටම වගේ හමුදා කණ්ඩයන් ලගා වෙමින් ඒ මිනිසුන්ගේ අව්‍යශතා
සොයා බලමින් ඉන්නේ. තව දුරටත් අපට සොයා ගත නොහැකි වූ කදවුරු සහ පුද්ගලයින් ඉන්න
පුලුවන්. මේ දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම රාජ්‍ය යාන්ත්‍රණය, දේශපාලන නායකත්වය සෑම
දවසකම රාත්‍රියේ ආපදා කමිටුව විදිහට රැස් වෙලා ඊලග දවසේ මොනාද කරන්න ඔනි කියන
තිරණය අරගන්නවා.”යනුවෙන් පැවසීය.
රංජිත් රාජපක්ෂ
