ආපදාව මැද ටෙලිකොම් ෆයිබර් වයර් කපති.. නගර රැසක සබදතා වැටීමේ අවදානමක්..

 


ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ හානි අතරේ බිම වැටී ඇති Fibre (තන්තු) සහ Copper (තඹ) කේබල් ඉවත් කිරීම හෝ කපා දැමීම  සිදු නොකරන ලෙස SLT-MOBITEL විසින් ඉල්ලා සිටියි.

මෙම කේබල් බිම වැටී තිබුණ ද ක්‍රියාත්මක වන බව SLT-MOBITEL අවධාරණය කරයි.

ඒවා ඉවත් කිරීම හෝ කපා දැමීම හේතුවෙන් නගර ගණනාවකට සන්නිවේදන අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වූ සිදුවීම් දැනටමත් වාර්තා වී ඇති බවට  SLT-MOBITEL ප්‍රකාශ කරයි.

මෙම අර්බුදකාරී අවස්ථාවේදී සන්නිවේදනය මැනවින් පවත්වාගෙන යෑමේ කාර්යභාරය සඳහා, SLT-MOBITEL Fibre සහ Copper කේබල් වලට හානි සිදුවීමට ඉඩ නොදී, සියලු දෙනාගේ වටිනා සහයෝගය ද ලබාදෙන ලෙසට  SLT-MOBITEL සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටී.

SLT-MOBITEL ආයතනය මෙම ආපදා අවස්ථාවේදී ශ්‍රී ලාංකික ජනතාව සමඟ නිරන්තරයෙන් සිටින බවත් , ඔවුන්ට උපරිමයෙන් සහාය ලබාදීම තම අභිප්‍රාය බවත්  වැඩිදුරටත් සඳහන් කරයි. 



1 Comments

  1. බෝතල් පත්තර කඩ පොලිසියෙන් දැනුවත් කර එම තඹ වයර් මිල දී නොගත යුතු බව දැන්විය යුතුය.

    ReplyDelete
Previous Post Next Post