වැඩ තහනම් කල සූරියකන්ද පොලිස් නිලධාරියා හා ඔහුගේ බිරිඳ පොලිසියට විවේචන කරනවා...- පොලිසිය


 සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

2025.12.20 වන දින කොළොන්න පොලිස් වසමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමඟ ඇති වූ සිදුවීමට අදාලව මේ වන විට වැඩ තහනමට ලක්කර සිටින සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ බිරිඳ විසින් ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විවේචනාත්මක අදහස් පල කරමින් විවිධ මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශ ලබාදී ඇත.

එම ප්‍රකාශ වලින් අදාල පොලිස් කොස්තාපල්වරයාට පහරදී යතුරු පැදිය පැහැරගෙන ගිය පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, එම නිලධාරියා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධව පොලිසිය විසින් කිසිඳු විමර්ශනයක් සිදුකර නොමැති බවටත් සඳහන් කර ඇත.

එසේ වුවද එම සිදුවීමට අදාලව මෙම පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ බිරිඳ විසින් කොළොන්න පොලිස් ස්ථානය වෙත සිදුකර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කොළොන්න පොලිස් ස්ථානය මඟින් හා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්‌ශන සිදුකරමින් පවතී.

මෙම සිද්ධිය වූ 2025.12.20 වන දින කොළොන්න පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇත. එහිදී නිලධාරියාගේ යතුරු පැදිය සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. තවද මෙම නිලධාරියාගේ, ඔහුගේ බිරිඳගේ ප්‍රකාශ හා තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශ පොලිසිය විසින් සටහන් කර ඇති අතර නිලධාරියාට ඇඹිලිපිටිය රෝහල් පොලිසිය මඟින් අධිකරණ වෛද්‍ය පෝරමයක් ද නිකුත් කර ඇත.

එමෙන්ම ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් සිදුකරගෙන යනු ලබන විමර්ශන වලට අදාලව පහරදීම සිදුකල බවට පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය අසල පදිංචිකරුවන් තිදෙනෙකුගෙන්, නිලධාරියා රෝහලට රැගෙන ගිය පුද්ගලයා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ඇත.

සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය ආසන්නයේ නිවසක සවිකර තිබූ ආරක්ෂක කැමරාවල වීඩියෝ දර්ශන ලබා ගැනීමට කටයුතු කර ඇති අතර එම නිවැසියාගේ ප්‍රකාශයක් ද සටහන් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් 2025.12.22 වන දින ඇඹිලිපිටිය. ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය ඉදිරි විර්මශන කටයුතු සිදුකරගෙන යනු ලබයි.

4 Comments

  1. ගැලවුන රෙද්ද වුට්ලර්ගේද පොලිසියේද යන්න අවකල සමීකරණ ඇසුරින් පැහැදිලි කරන ජවිපෙ ඩෝබියන්ට අගනා දොර දෙකේ වොෂින් මැෂින් එකක් ලබාදීමට ආණ්ඩුවේ තීරණයක්...

    ReplyDelete
  2. අවකලද? අවකලනද?

    ReplyDelete
  3. අනුග්‍රහය: ඩ්ඩ්ලි ධම්මික ඉෂාර

    ReplyDelete
Previous Post Next Post