ආණ්ඩුවට තියෙන්නේ චූටි කැපෑසිටියක්.. හිරුට මොනවත් තරන්න ආණ්ඩුවට බෑ.. උවමනා උනත් බෑ..

 


වත්මන් ජාතික ජන බලවේග රජයට මර්දනකාරී යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කැපෑසිටියක් නොමැති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, රජයට එවැනි මර්දනයක අවශ්‍යතාවක් තිබුණද, එය ක්‍රියාවට නැංවීමට තරම් කැපෑසිටියක් ඔවුන් සතු නොවන බවයි.

මෑත කාලීනව 'හිරු' මාධ්‍ය ජාලයේ මෙහෙයුම් සම්බන්ධයෙන් රජය තුළ විශාල නොසන්සුන්තාවක් සහ ඊට එරෙහිව පියවර ගැනීමේ දැඩි උවමනාවක් මතු වී ඇති බව දේවසිරි මහතා මෙහිදී පැවසීය.

මාධ්‍ය මර්දනය පිළිබඳ වර්තමාන කතාබහ නිර්මාණය වී ඇත්තේ එම පසුබිම මත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ පොදු ක්‍රියාකාරීත්වය සහ ධාරිතාව සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වූ ඒ මහතා, රජයේ සමස්ත ශක්තියම පවතින්නේ ඉතා අවම මට්ටමක බව අවධාරණය කළේය.

"ආණ්ඩුවට මර්දනකාරී යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වුණත්, ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ඔවුන් සතුව නැහැ. පොදුවේ ගත් කල මේ ආණ්ඩුවේ ධාරිතාව විශාල එකක් නොවෙයි. එවැනි අඩු ධාරිතාවක් සහිත ආණ්ඩුවකට මර්දනකාරී යාන්ත්‍රණයක් වැනි සංකීර්ණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම කිසිසේත්ම කළ නොහැක්කක්," යනුවෙන් ඔහු පවසා සිටියේය.

5 Comments

  1. Hiru involve with murder case.
    Duminda has rape case, contact with drug dealer demtagoda chaminda…etc

    Ranil said hiru ask to release duminda to get support PRedential election


    Because of these reasons , International meadia can’t stand with hiru

    ReplyDelete
  2. Ha why change of heart ? Capacity level is zero, big egos higher than mount Everest, full of narrow minded JVP members, no shame & lying is second nature to your party. When they can't handle the truth they are trying to buy off people or they just want to get rid of them for any cost. So yes nothing much change at all ,just like in 88/89 Nirmal bro. You must be very happy way they are handling democracy in our country. What a great system change man.

    ReplyDelete
  3. He is trying to safe ass of Anura. Every time they messed up he appears then critised Anura & the government. Just like Anura is running to the parliament wash dirty laundry of his corrupted & crazy ministers. This is how they balance counter attacks. Hope people can understand this tactics.

    ReplyDelete
  4. මේ අසත්පුරුෂ කැත ගේම් කාරයව මොකටද ප්‍රොමෝට් කරන්නෙ.? මේක පජාත කුමන්ත්‍රණකාරයෙක්.

    ReplyDelete
  5. නොදකින් මූ. අපතයා. මූ කියන්නෙ ලපයට 'උඹ පොඩියි, ලොකුවෙලා දීපන් හිරුට ගේමක් කියල​'

    ReplyDelete
Previous Post Next Post