පොලිස් ලොක්කෙක් පුද්ගලයෙකුට එලව එලවා පොලු පහර දෙයි..



මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝ පටයක පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීරීක්ෂණය කිරීමේදී, මෙම පහරදීම සිදු කරනු ලබන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානධිපතිවරයා බවට අණාවරණය වී ඇත.

ඒ අනුව, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

තවද, මෙම පහරදීම සිදුකල නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත මාරු කර යවා ඇති අතර නිලධාරීයාට විරුද්ධව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

1 Comments

  1. මේ තමයි හුත්තරීතර නීතිය...

    ReplyDelete
Previous Post Next Post