ආපදා ප‍්‍රදේශවල Selfi ගැනීම කරදරයක්..- පොලිසියෙන් දැනුම්දීමක්..

 


ආපදා සහන කණ්ඩායම් වශයෙන් විවිධ ප්‍රදේශවලට යන ඇතැම් පිරිස් මාර්ග පිළිසකර කරන අවස්ථාවලට බාධා වන අන්දමින් සෙල්ෆි ඡායාරූප ගැනීම් හා වීඩියෝ කිරීම් සිදුකරන බවත් එය මෙහෙයුම් සිදුකරන නිලධාරීන්ට බාධාවක් බවට පත්ව තිබෙන බවත් පොලිස් මූල්සථානය සඳහන් කරයි.

බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවලට යතුරුපැදි 50 කින් පමණ පැමිණි පිරිස් මේ ආකාරයෙන් අවදානමට ලක්වූ ස්ථානවල ඡායාරූප හා වීඩියෝ කිරීම් සිදුකරන බවට නිරීක්ෂණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් පැවැසීය.

අවතැන් වූවන්ට සහන සැලසිීීම උතුම් ක්‍රියාවක් වුවත් සහන සැලසීමේදී පොලිස් මූලස්ථානයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මැදිරියේ හඳුන්වාදී ඇති 0718595884, 0718595883, 0718595882, 0718595881, 0718595880 යන අංකවලින් සහන සැලසිය යුතු ස්ථාන හා පිරිස් ගැන තොරතුරු ලබාගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එය සහන මලු රැගෙන යන පාර්ශ්වවලටද ආරක්ෂාකාරී ප්‍රවේශයක් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

එසේම තම ඥාති හිතමිතුරන් ගැන තොරතුරක් නැතහොත් මෙම අංක අමතා එම තොරතුරු ලබා දෙන ලෙසත් පැය 24 පුරාම ක්‍රියාත්මක එම මැදිරියේ නිලධාරීන් ඒ පිළිබඳ තොරතුරු සොයා දැනුවත් කරනු ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Previous Post Next Post