වියදම ඉහලට.. දළු මිල පහලට.. තේ වතු හිමියන් අමාරුවේ...


තේ වගාවේ නිෂ්පාදන වියදම් වසරක කාලය තුළදී සියයට තිහත් සියයට හතළිහත් (30%-40%) අතර ප්‍රමාණයකින් ඉහළ ගියත් ඊට සාපේක්ෂව තේ පුටු මිල ඉහළ නොයෑම නිසා කුඩා තේ වතු හිමියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි ජාතික තේ වැවලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට පොදුවේ අමු තේ දලු කිලෝවක් සඳහා ලබා දෙන්නේ රුපියල් එකසිය හැත්තෑවත් රුපියල් එකසිය අනුවත් අතර (170-190) අතර මුදලක් බවත් පසුගිය වසරේ දෙසැම්බර් මාසය සැලකීමේදිත් තේ දලු මිල මෙම මට්ටමේ පැවැති බවද එම සංගමයේ ලේකම් වසන්තඅල්විස් මහතා පවසයි.

කම්කරුවන්ට හා තේ දලු නෙළන පිරිස් වලට දෛනිකව ගෙවිය යුතු මුදල පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් පසුගිය වසරේදී තේ දළු නෙළීමේදී කිලෝවකට රුපියල් හතළිහක පමණ මුදලක් ගෙවූ බවත් මේ වන විට එම මුදල රුපියල් පනහත් හැටත් (50-60) දක්වා ඉහළ ගොස් තිබෙන බවද ඒ මහතා පැවැසීය.

1 Comments

  1. තේකොල කිලෝ එකක් රුපියල් 2,500 කට පමණ ලංකාවේ මාකට් එකේ විකූනනකොට එහෙම වෙන්න හේතුව කුමක්ද.

    ReplyDelete
Previous Post Next Post